බන්දු සමරසිංහ ජනප්‍රිය, ප්‍රවීණ කලා ශිල්පියා අනුකරණය කරන බවට චෝදනා කරමින් නවක නළුවකු ලෙස කටයුතු කළ බිංදු බෝතලේගම කලා ශිල්පියාට එරෙහි නඩුව බිංදු විසින් ජයග්‍රහණය කරනු ලදුව ඒ පිළිබඳව විවිධ අදහස් දැක්වීම් යළි කරළියට පැමිණ තිබේ.
කල්ප ගයාන් කවීෂ්වර ගුණරත්න 'මී මැස්සෝ' වෙබ් අඩවියේ උපදේශක වශයෙන් කටයුතු කරන මාධ්‍යකරුවෙකු වන අතර අදාළ සිදුවීම ගැන ඔහුගේ අදහස සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් වශයෙන් පළ කර තිබිණි.
බිංදුට එදිරිව බංදු... අඩුවකට තිබුණේ ඉස්පිල්ල විතරයි..
ඇත්තටම බංදු පැරදුණේත් බිංදු දිනුවේත් ගොඩක් කළින්.. කෙනෙක් Original කෙනා අනුකරණය කරනව නම්, ඒ කියන්නේ original කෙනා සාර්ථකයි.. copy කරන කෙනා තමන්ටම කියල අනන්‍යතාවයක් හදාගන්න බැරි කෙනෙක්..
ඒක තමයි සමාජයේ පොදු අදහස.
හැබැයි කෙනෙක් අනුකරණය කරන්නත් talant එකක් තියෙන්න ඕන.
අනිත් අතට කෙනෙක් තමන්ව අනුකරණය කරන අය ගැන සතුටු වෙන්න ඕන.මොකද තමන් නැති තැන් වලත් අනුකාරකයෝ අරගෙන යන්නේ තමන්ගේම ප්‍රතිරූපය නිසා. ඒ අනුකාරකයො තමන්ගේම අවතාර වගේ වෙනවා...හිත අස්සේ ප්‍රේක්ෂක ආදරේ Duplicate චරිතය වටා ගොඩ නැගෙද්දි Original චරිතය තව දුරටත් ජනප්‍රිය වෙනවා..
හැබැයි.. ඒක පිටි පස්සේ මුදල කියන සාධකය ආවම Original චරිතය මාර විදියට අවුල් වෙනවා. මුන් කරන්නේ මට එන්න තියන වැඩ.මම වගේ කරල මූ හම්බකරගන්නවා වගේ කතා එතනදි මතුවෙනවා..
කෙනෙක්ගේ චරිතයට අනන්‍ය වුණු ස්වීයත්වය අනිත් අය අයිති කරගන්න හදන කොට අවුලක් එනවා.ඒත් ඒකට උත්තර දෙන්න වෙන විදියක් තියෙන්න ඕන..Original එකට තියන තැන Dummy යට නෑ වගේම සමහර වෙලාවට Original එකට වඩා ලල් එකක් Dummy යකින් මතු කරන්න පුළුවන්.. ඔය මොක වුණත් බංදු බිංදුට එදිරිව නඩු දාලා කරගත්තේ මෝඩ වැඩක්..ඇත්තටම බංදු වගේ ශක්තිමත්ව ගොඩ නැගුණු දක්ෂ රංගන ශිල්පියෙක් බිංදු කියන මේසන් වැඩක් කරගෙන ජීවිතේ එක්ක ඔට්ටු වෙන්න දත කන අහිංසක මනුස්සයෙක් 100% තමන්ට සමාන කරගත්තා..ඒකම උසාවියටත් කිව්වා..මම දකින්නේ ඒක බංදු කරගත්ත ලොකුම ලොකු මෝඩකම..ඔය ප්රශ්නය වෙලාවේ බංදුට කරන්න ගොඩක් දේවල් හදිසි වෙලා නඩු දාගන්න ගිහිං බංදුට මග ඇරුණා. ඒ වගේම බංදු ගොඩක් දේවල් අහිමි කරගත්ත වගේම බිංදුටත් අහිමි කළා.
ඒත් අවුරුදු අවුරුදු 08 කට පස්සේ, අවසානයේ බංදු පැරදීලා බිංදු දිනලා...
ඉස්සරහටත් දැන් දිනන්නේ බිංදු..
මේක කලා ලෝකයේ බිංදුල දිනන බිංදුලගෙ යුගය බව බංදුට අමතක වුණා..
©කල්ප ගයාන් කවීෂ්වර ගුණරත්න