සන්දීප් රෙඩ්ඩි වන්ගා අධ්‍යක්ෂණය කළ බොක්ස් ඔෆිස් වාර්තා තැබූ 'ඇනිමල්' චිත්‍රප්ටයේ සාර්ථකත්වය සැමරීමේ සාදය පසුගියදා මුම්බායේදී පැවැත්විණි.
එහිදී චිත්‍රප්ටයේ ප්‍රධාන චරිත රඟපෑ රන්බීර් කපූර් සහ රශ්මිකා මන්දනා 'කොරියන් ෆින්ගර් හාට්' සංකේතයෙන් එකිනෙකා වැළඳගැනීම ආකර්ෂණීය සිදුවීමක් ලෙස එහිදී ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණි.
පුෂ්පා 2 චිත්‍රපට්යේ ගීතයක රූගත කිරීම්වල නියැලී සිටි රශ්මිකාට හයිද්‍රාබාද් සිට ගුවන් යානයකින් පැමිණීමට චිත්‍රපටයේ නිශ්පාදකයින්ගෙන් විශේෂ අවසරයක් ගැනීමට සිදුව තිබිණි.
රශ්මිකාගේ පැමිණීම සාදයට විශේෂ ආකර්ෂණීය එක් කළ බවද පෙනෙන්නට තිබිණි.
ඇය පැමිණෙන මොහොතේ රන්බීර් කපූර් ඇයට නිරායාසයෙන්ම හදවත් ලකුණ පෙන්වන 'කොරියන් ෆින්ගර් හාට්' සංඥා පෙන්වූ අතර රශ්මිකාද ඔහුට ප්‍රීතියෙන් ඒ සඳහා ප්‍රතිචාර දක්වා ඇත.
සාර්ථකත්වයේ සාදයට බොබී ඩියෝල්, රන්බීර් කපූර්, රශ්මිකා මන්දනා, ට්‍රිප්ටි දිම්රි, සෞරබ් සච්දේවා, සද්ධාන්ත් කාර්නික්, අනිල් කපූර්, සලෝනි බාට්රා, අධ්යක්ෂ සන්දීප් රෙඩ්ඩි වන්ගා සහභාගි වූහ.