ශ්‍රී ලංකාවේ පළමු ත්‍රීඩී (ත්‍රීමාණ) සිනමා නිර්මාණය වූ 'ගජමෑන්' චිත්‍රපටයෙන් පසුව සිය මීළඟ සිනමා නිර්මාණය සඳහා එහි නිශ්පාදකයින් සූදානම් වන අතර එය සුප්‍රකට බ්‍රිතාන්‍ය ලේඛක ඩෙනිස් ක්ලාර්ක් විසින් රචිත 'Golden Island' හෙවත් 'රන් දිවයින' කෘතිය ඇසුරෙන් නිර්මාණය වන බවට ඉඟි ලැබී තිබේ.
ගජමෑන් සිනමාපටයේ අධ්යක්ෂ, ගජමෑන් චිත්‍රපටය නිෂ්පාදනය කළ Studio 101 ආයතනයේ විධායක නිලධාරී චානක පෙරේරා පසුගියදා සිය ෆේස්බුක් ගිණුමේ සඳහන් කළ සටහනක් සහ ඡායාරූපයක් සමග එම ඉඟිය ලැබී තිබේ.
“New year, New Chapter 📚🎬 Exciting times ahead!!! #FromDreamToScreen #MovieMagic #Studio101 ✨🎥”යනුවෙන් හෑෂ්ටැග් පවා සඳහන් කරමින් එම සටහන පළ කර ඇත.
Studio 101හි මීළඟ නිර්මාණය ගැන ආසන්න මාස කිහිපයේ විවිධ කත පළ වුවද ඒ පිළිබඳව නිල දැනුම්දීම චානකගේ මෙම සටහන වේ.
ඔවුන් මීට පෙර අලුත්ම සිනමා නිර්මාණයක් සඳහා ළමා නළුවන් සහ ව්‍යාපෘතියට දායක කරගත හැකි වෘත්තිකයින්ද බඳවා ගැනීම සිදු කළ නමුත්, මීළඟ නිර්මාණය පිළිබඳව කිසිවක් හෙළි කර නොතිබිණි.