කිල්මිශා යාශිසායි සරිගමප දකුණු ඉන්දීය රියැලිටි ගායන තරඟය ජයග්රාහිකාවයි.
ජයග්රහණයෙන් අනතුරුව යළි ශ්රී ලංකාවට පැමිණි ඇයට නන් දෙසින් සුබ පැතුම් ආ අතර දේශපාලනඥයින්ද ඇය හමු වී සුබ පැතීමට කටයුතු කර තිබිණි.
ජනාධිපති රනිල් වික්රමසිංහගේ සිට පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන් කිල්මිශා හමු වී ඇයට සුබ පතා තිබුණ අතර ඇයද පොදුවේ අනෙක් සුබ පැතුම් හා සමව එය පිළිගෙන තිබෙනු දක්නට ලැබිණි.
ඇගේ ෆේස්බුක් ගිණුමේ ඇය දේශ්පාලනඥයින් පෙනී සිටින ඡායාරූප සඳහා කිසිවෙකු විරුද්ධ නොවූවද ඇතැමෙකු දේශපාලනඥයින් එතරම් නොරිස්සන ආකාරයේ අදහස් පළ කර තිබිණි.
කෙසේනමුත්, කිල්මිශා යනු දේශපාලනය ගැන කතා කිරීමට මුහුකුරා ගිය දරුවෙකු නොවේ. එසේ වුවද කලාකාරිනියක හැටියට සැමගේ සුබ පැතුම් පිළිගැනීම ඇගේ අයිතියකි. ඇගේ කතාව තුළ, ඇගේ සටහන් තුළ යුද සමයේ මිය ගිය දරුවන් සහ සිය සමීපතමයින් සිහිපත් කෙරෙන වාර අපට දකින්නට ලැබේ. එවන් යථාර්ථයක් පසු කළ කිල්මිශාගේ දිවි සුරැකීමේ ආශ්චර්යය දකින්නට ලැබෙන්නේ ශ්රී ලංකාවට පමණක් නොව සමස්ත ලෝකයටමය.
අපේ පැතුම කිල්මිශා කලා ලොව තව තව බබළන තාරකාවක් වීමය.