දීප්ති කුමාර ගුණරත්න විසින් මෙහෙයවනු ලබන සිනමා සහ මනෝ විශ්ලේෂණය පිළිබඳව පාඨමාලාව ජනවාරි මස මැදදී ආරම්භ කිරීමට නියමිතය.
එහිදී, සමාජයේ තිරයක් මත ප්රක්ෂේපණය වන යථාර්ථය ප්රබන්ධයක් බවත් එය ජීවිතයට වඩා ලස්සන, බුද්ධිමත් එකක් බවත් ඉගෙනීමේ හැකියාව වඩාත් දියුණු ලෙස ලබාගත හැකිය.
එහිදී චිත්රපටයක් සෑදීමට යොදා ගන්නා කැමරා උපකරණ, ආලෝක උපකරණ සහ තවත් තාක්ෂණික උපකරණ ක්රියා කරවන ආකාරය පිළිබඳව ඉගැන්වීමක් නොවන අතර උසස් වීමකට අදාළ කරගත හැකි ඩිප්ලෝමා සහතික නිකුත් කිරීමක් සිදු වන්නේ නැත.
නමුත්, සිනමා පන්තියට සහභාගි වීමෙන් වත්මන් යුගයේදී මළගිය ප්රාණියෙකු ලෙස ජීවත් නොවීමට එය මනා පිටිවහලක් වනු ඇති බව පාඨමාලා සංවිධායකයෝ පවසති.