මහාමාන්‍ය ඩී. එස් සේනානායක මහතාගේ ජීවිත කතාව අලළා කෙරෙන සිංහල සිනමා වංශ කතාවේ නවතම වෘත්තාන්ත චිත්‍රපටය ‘නිදහසේ පියා ඩී. එස්’ චිත්‍රපටයේ මුහුරත් උලෙළ පසුගියදා බත්තරමුල්ල වෝටර්ස්ඒජ්හිදී පැවැත්විණි.
සුනෙත් මාලිංග අධ්‍යක්ෂණය කරන මේ වෘත්තාන්ත විත්රපටයේ ලක්ෂමන් මෙන්ඩිස්, බුද්ධදාස විතානාරච්චි, ඩග්ලස් රණසිංහ, ජනක් ප්‍රේමලාල්, ජයලාල් රෝහණ, ශ්‍රියන්ත මෙන්ඩිස්, රිචඩ් මානමුදලි, උදේනි අල්විස්, පාලිත සිල්වා, සංජීව දිසානායක කුමාර තිරිමාදුර, ගාමිණී හෙට්ටිආරච්චි, දයාදේව එදිරිසිංහ, අනුර බණ්ඩාර රාජගුරු, සරත් චන්ද්‍රසිරි, රොෂාන් පිලපිටිය, සාරංග දිසාසේකර, චන්දික නානායක්කාර, අතුල ජයසිංහ, උදිත් අබේරත්න, තිසුරි යුවනිකා, නිරෝෂා තලගල, සුරේනි සෙනරත්, සුසන්තා චන්ද්‍රමාලි, ශ්‍රියානි මහවත්ත ඇතුළු නළු - නිළියෝ රැසක් මෙහි රංගනයෙන් දායක වෙයි.
උපදේශකත්වයෙන් නීතිඥ සමන් වීරමන්, කැමරා අධ්‍යක්ෂණයෙන් චන්දන ජයසිංහ, සහය අධ්‍යක්ෂණයෙන් උදය ප්‍රසන්න, කලා අධ්‍යක්ෂණයෙන් ධම්මික හේවාදුවත්ත, ඇඳුම් නිර්මාණයෙන් අකුරම්බොඩ පියතිස්ස, වේශ නිරූපණයෙන් තාරක අධීකාරී, සංගීත අධ්‍යක්ෂණයෙන් සමන්ත පෙරේරාත් යන ශිල්පීහු මේ නිර්මාණය සඳහා දායක වෙති.
නිෂ්පාදනයෙන් ආචාර්ය විජයදාස රාජපක්ෂත්, සම නිෂ්පාදනයෙන් ජේ.සී අලවතුරත්, සස්ත්රීය රාජපුත්‍ර වීරසිංහත් සහය වන මේ වෘත්තාන්ත විත්රපටයේ තිරරචනය රංගශ්රී පීරිස්ගෙනි.
ඡායා සුනෙත් මාලිංග ගෙනි.
https://mirrorarts.lk/news/766-ds#sigProIdaafea5c541