සෙලීනා ගෝමස් මෑතකදී ගෝල්ඩන් ග්ලෝබ් 2024 රතු පලසට පැමිණ තිබුණේ විචිත්‍රවත් රතු ඇඳුමකිනි.
ජනප්‍රිය නිළියක්, ගායිකාවක් සහ ව්‍යාපාරික කාන්තාවක් වන සෙලීනා ගෝමස් ඇගේ සුන්දර සහ සරාගී විලාසිතා සහ තේරීම් සඳහා ප්‍රසිද්ධ තාරකාවකි.
බෙවර්ලි හිල්ටන්හි පසුගියදා පැවති 81 වැනි වාර්ෂික ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උලෙළේදී ඇය සැමගේ අවධානයට ලක් වූයේ ඇය තෝරාගෙන තිබූ රතු අර්මානි ඇඳුම හේතුවෙනි. තද රතු සහ කළු ඇගේ ඇඳුම 80 ගණන්වල ඇඳුම්වල සජීවී බවක් පෙනෙන බව මාධ්‍ය වාර්තා කර තිබිණි. මෙය පැරණි විලාසිතාවල නවීන පෙරළියක් ලෙසද හැඳින්වී තිබිණි.