අමාලා පෝල් යනු දකුණු ඉන්දීය චිත්‍රපට ක්ෂේත්රයේ ජනප්‍රියම නිළියන් අතරස ඉහළින්ම කියවෙන නමකි.
මෑතකදී විවාහ වූ අමාලා සිය පවුලට අලුත් අමුත්තකු බලාපොරොත්තු වන බව පසුගියදා සිය සමාජ ජාල ගිණුමක සඳහන් කර සිටියාය.
ඒ ඇගේ සහකරු වන ජගත් දේසායි සමගින් ඇය නිවේදනය කර තිබිණි.
අමාලාගේ මවක වීමේ බලාපොරොත්තුව ගැන නිවේදනය සමාජ මාධ්‍ය තුළ බෙහෙවින් අවධානය ගෙන තිබුණ අතර චිත්‍රපට ක්ෂේත්රයේ ජනප්‍රිය පාර්ශ්වද ඇයට සුබ පතා තිබිණි.
"දෙදෙනෙකුගේ සිට තිදෙනෙකු දක්වා - එක් වැළඳගැනීමකින් මා 2024දී අලුත් තැනැත්තියක්මි" යනුවෙන් අවසානයට ඇය සිය වීඩියෝවක් සමගින් කියා තිබිණි.