ධම්මිකා ෆොන්සේකා මහත්මිය ජනප්රිය නිළි සෙනාලි ෆොන්සේකාගේ ආදරණීය මව වන අතර පසුගියදා ජයවර්ධනපුර රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී ඇය මිය ගිය බව සෙනාලි සිය ෆේස්බුක් ගිණුමින් සැමට දැනුම් දී තිබිණි.
ධම්මිකා ෆොන්සේකා මහත්මියගේ අවසන් කටයුතු අද (09) සවස බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරුණි. ධම්මිකා ෆොන්සේකා මහත්මිය හෙළ නිළි රැජන ලෙස විරුදාවලි ලත් මාලනී ෆොන්සේකාගේ සහෝදර උපාලි ෆොන්සේකාගේ ප්රිය බිරිඳ වූවාය.
සිය මවගේ වියෝවත් සමග සෙනාලිට බොහෝ දෙනෙකුගේ කණගාටුව පළ කෙරෙමින් පවතින නමුත්, මෑතකදී සිය පියාගේ වියෝවෙන් අනතුරුව සෙනාලිගේ සෙවණැල්ල අහිමි වූ බව ඇය සඳහන් කර සිටියාය.