ශ්‍රී ලාංකේය කෘතහස්ත කවියෙකු වන බුද්ධදාස ගලප්පත්ති විසින් විරචිත දොළොස් වැනි කාව්‍ය සංග්‍රහය ‘ගිරි හිස සිට’ කාව්‍ය සංග්‍රහය අද (09) සවස කොළඹ මහවැලි කේන්ද්‍රයේදී ජනගත කෙරුණේ කොළඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායක සහ කාව්‍යකරණයේ සක්‍රීයව නියැලෙන සුහර්ශනී ධර්මරත්නගේ ප්‍රධාන අදහස් දැක්වීම් සමගිනි.
‘ගිරි හිස සිට’ ජනගත කිරීමේ සභාව ආමන්ත්‍රණය කරනු ලැබුවේ ප්‍රවීණ මාධ්‍යවේදී සමන් ආතවුදහෙට්ටි සමඟ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී තනුජා ජයවර්ධන විසිනි.
1965 වසරේ ශ්‍රී ලංකා විද්‍යෝදය විශ්වවිද්‍යාලයට ඇතුළත් වී 1968 වසරේදී ශාස්ත්‍රවේදී උපාධිය ලැබූ බුද්ධධාස එසමයේදීම සාහිත්‍ය කෙරෙහි දැක්වූ ලැදියාව අනුව 1971 වසරේදී සිය ප්‍රථම කාව්‍ය සංග්‍රහය 'දොලොස් මහේ පහන' එළි දැක්වූයේය. එතැන් සිට සාහිත්‍ය කෘති රැසක් වන කැටපත් පවුර, පාර වසා ඇත, රැජිණක් හැඬුවාය, දෙදෙනාම දියණියෝ, නිශ්ලයි රාත්‍රිය, තුරුලිය අකුරු, දවස හෙටය, නිම් නැති තුන්යම, තීර්ථය අසබඩ, පසළොස් පැය, ඒ අසිරිමත් නොනගතය, ගිරි හිස සිට අනෙක් කාව්‍ය සංග්‍රහයන් එළිදැක්වූ කවියෙකි.
ඔහුගෙ 'නිශ්චලයි රාත්‍රිය' සහ 'තුරුලිය අකුරු' කෘති සඳහා රාජ්‍ය සාහිත්‍ය සම්මාන හිමි කරගත් අතර 'එදවස සොඳුරුමය' ගොඩගේ සමමානය හිමි කරගත්තේය. නාට්‍යකරණයට ලැදි ඔහු හොඳම අංග රචනා ශිල්පියාට හිමි සම්මානය පස් වතාවකදී රාජ්‍ය නාට්‍ය උළෙලේදී හිමිකරගෙන ඇත.
කවිය, කෙටි කතා, තීරු ලිපි මෙන්ම ඔහු විසින් රචනා කෙරුණු ගී අතර සනත් නන්දසිරි ගයන 'දූ අනුරාධා', වික්ටර් රත්නායක ගයන 'තනිවෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්' ගීත කා අතරත් ජනප්‍රිය ගී වේ.
අද සවස පැමිණි සිය පාඨකයන් සහ හිතවතුන් හමුවේ බුද්ධදාසයන් තැබුවේ කාව්‍ය සංග්‍රහයක් පමණක් නොව අත දීමකින් තොරව ඔහේ යන දුහුනන් වෙනුවෙන් තාරකා එළියකි. කාව්‍යකරණයේ එළි දිදුලවන බුද්ධදාසයන්ට තවත් ලේඛනයට දිරි ලැබිය යුතු බව අපි විශ්වාස කරමු!
ඡායා : රවීන්ද්‍ර පුෂ්පකුමාර