ප්‍රවීණ සහ ජනප්‍රිය ගායක කීර්ති පැස්කුවෙල් විසින් පවත්වනු ලබන 'මනමාල හැන්දෑව' යනු තෝරාගත් කිසියම් සමාජ මෙහෙවරක් ඉටුකරලීම සඳහාම පවත්වනු ලබන වාර්ෂික ප්‍රසංගයක් වේ.
ඒ අනුව මේ වසර සඳහා කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය සඳහා කෘතිම ශ්වසනය ලබාදිය හැකි සීපීආර් යන්ත්‍රයක් ලබා දීම සඳහා මෙවර 'මනමාල හැන්දෑව-3' ප්‍රසංගය ජනවාරි 28 වැනිදා කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී සවස 6.45ට පැවැත්වීමට සංවිධානය කර තිබේ.
මහින්ද බණ්ඩාර විසින් සංගීත අධ්‍යක්ෂණය කරනු ලැබ ප්‍රවීණ වාදන ශිල්පීන් 16 දෙනෙකු හා එක්ව පවත්වනු ලබන මෙවර ප්‍රසංගය පැවැත්වෙන අතර ගායනයෙන්, චන්ද්‍රලේඛා පෙරේරා, ධම්මිකා බණ්ඩාර, චරිතා ප්‍රියදර්ශනී පීරිස් සමග චාරුණී පැස්කුවල් සහභාගි වෙති.
ප්‍රවීණ නිවේදක කැළුම් ශ්‍රීමාල් විසින් ප්‍රසංගය මෙහෙයවනු ලබන අතර ප්‍රසංගයේ නර්තන වින්‍යාසය චන්න උපුලි කලායතනය විසින් සිදු කරනු ලබයි.
ගීත 30කට ආසන්න සංඛ්‍යාවක් ගායනා කිරීමට නියමිත අතර ඉතා ජනප්‍රිය ගීත සේම නව ගීත කිහිපයක්ද ඒ අතරට එක්කර ඇත. මෙම ප්රසංගයේදී දක්ෂ ගායන ශිල්පිනියක් හඳුන්වා දීමටද සැලසුම් කර ඇත.
ඇන්ටන් ජේ. ප්‍රනාන්දු