මත්ද්‍රව්‍ය යනු මේ වන විට ලෝක මට්ටමේ සමාජ විරෝධී ගැටලුවකි. මෙම ගැටලුවට එරෙහිව බොහෝ සමාජ සංවිධාන මෙන්ම ඒවායින් අගතියට පත් වින්දිත පවුල් සහ ඒවායේ හානිකර ප්‍රතිඵල අත්විඳින පාර්ශ්වද විරෝධය පළ කරන වකවානුවක ශ්‍රී ලංකාව තුළ කලා නිර්මාණ කෙරෙන්ද එම විරෝධය පෙන්නුම් කරමින් තිබේ.
එවැනි චිත්‍රපට, නාට්‍ය, වාර්තාමය, ග්රන්ථ නිර්මාණ අතරට අලුත්ම නිර්මාණය වන්නේ ප්‍රවීණ ගායක ටී.එම්. ජයරත්න විසින් ගායනා කරනු ලැබූ අලුත්ම ගීතය වේ.
ඊශ්‍රායලයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයෙකු වන ආර්.එම්.එස්. රත්නායක විසින් රචනා කරන ලද මෙම ගීතය නිලන්ත සිරි පතිරණ සංගීතවත් කර තිබේ.