පිළිකා රෝගයට ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (09) අලුයම මිය ගිය ප්‍රවීණ ඉන්දීය සංගීතඥ විශාරද උස්තාද් (ගුරු) රෂීඩ් ඛාන්ට අවමංගල්‍යයේදී ආචාර වෙඩිමුර සහිතව රාජ්‍ය ගෞරවය ලබා දීමට නියමිතය.
රාම්පුර්-සහස්වාන් ඝරානා ගුරුකුලයට අයත් ඔහු ගුරුවරයෙකු හැටියටම රටම පිළිගත් පරම්පරාවක උරුමක්කරුවෙකි.
ජනප්‍රිය 'ජබ් වී මෙට්' චිත්‍රපටයේ 'ආඕගෙ ජබ් තුම්' ගීතයේ නිර්මාණකරුද උස්තාද් රශීඩ් ඛාන් වේ.