කේ. ලයනල් පෙරේරා රචනා කළ 'අවි ගත් මළකඳ' සහ '7.1.90' කෘති දොරට වැඩීම එළඹෙන ජනවාරි 20 වැනිදා කොළඹ ජාතික පුස්තකාල සහ ප්රලේඛන සේවා මණ්ඩලයේදී පැවැත්වේ.
මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්රිය විසින් එහි මුලසුන හොබවන අතර ලේඛක ජයසංඛ කරුණාරත්න සහ සරසවිය පුවත්පතේ කර්තෘ නුවන් නයනජිත් කුමාරගේ දේශනද දොරට වැඩුම උත්සවයේදී සිදු කෙරේ.