මොහොමඩ් සෆීර් නාට්‍ය ශිල්පියා විසින් ලංකාවේ පළමු වරට පැවැත්වූ මොනෝ ඩ්‍රාමා වැඩමුළුව පවත්වනු ලැබුවේය.
ඒ බව විස්තරාත්මකව සිය ෆේස්බුක් ගිණුම් මගින් සෆීර් පෙන්වා දෙනු ලැබ තිබේ.
2008දී බ්ලැක් බොක්ස් හඳුන්වා දීමෙන් පසු තවත් රංගකලා හැඩතල හඳුන්වාදීමට ගත වූ කාලය තුළ මා උත්සාහ කළෙමි. ඒවා දැන් එක් එක් හැඩවලින් මෙරට තුළ භාවිතා වෙනවා. ඒ ගැන නිහතමානී සතුටක් බලා සිටිමි.
මොනෝ ඩ්‍රාමා නොහොත් ඒකපාත්ර නාට්‍ය යනු මෙරට තුළ විවිධ විදියට නාට්‍ය ලෙස නිර්මාණය වූ අවස්ථා ඇත. ඒවා ගැන විවිධ කතාබහද දුර්ලභව සිදු විය.
නමුත් පසුගිය දශකයකට ආසන්න කාලයක් ඒ තුළ නියැලෙමින් ඒ ගැන හදාරමින්, ලෝක නාට්‍යකරුවන් හා එක්වෙමින්, විටෙක තරග කරමින්, ජයග්‍රහණ කරමින්, ඒ ගැන උළෙලවල් කරමින්, ජාත්‍යන්තර නිෂ්පාදන සිදු කරමින්, ලෝක නාට්‍යකරුවන් මෙරටට ගෙන්වමින්, ජාත්‍යන්තර තරගකාරි උලෙළක් පවත්වමින් මොනෝ ඩ්‍රාමා ගැන මාගේ අභ්‍යාසයේ මා නියැළුනෙමි. ඒ කාලය තුළ මා ලබා ගත් දැනුම, අත්දැකීම් මේ මොහොත මා බෙදා හදා ගන්නට උත්සාහ කළෙමි. ඒ එය මීළඟ පරපුර වෙනුවෙන්ය.
ඉතින් ඔවුන් ඉදිරියේදී නිෂ්පාදනය කරනු ලබන ඒකපාත්ර නාට්‍ය මෙරට සහ ලොවට ගෙන යෑමට උත්සාහ කරමි. මා තැනූ මග දිගේ ඔවුන්ට ලෝකයට යෑමට අවස්ථාව ලබා දෙමි. ඒ වෙනුවෙන් උත්සාහ කරමි.
අතිශය සාර්ථක වැඩමුළුවක් විය. මෙහි දෙවැන්න ළඟදීම ආරම්භ කරන්නට සිදු වෙයි. ඒ සඳහා වන ඉහළ ඉල්ලුම නිසාය.
මා අදහන රංග කලාව එයයි. නැතහොත් රංගකලාවේ විපරිවර්තනය එයයි.