හේමාල් රණසිංහ සහ පූජා උමාශංකර් රඟපාන අලුත්ම චිත්රපටය 'සිහිනයකි ආදරේ' හෙට (18) සිට සිනමා ප්රේක්ෂකයින් අතරට ගෙන ඒමට නියමිතය.
දකුණු ඉන්දීය අධ්යක්ෂක සරෝව් ශන්මුගම් විසින් අද්යක්ෂණය කරනු ලැබූ මෙම චිත්රපටයේ ආදරය කර විවාහ වන යුවලකට විවාහයෙන් පසුව මුහුණ දීමට සිදු වන අත්දැකීම් සිනමා පටයට ඇතුළත් වී තිබේ.
චිත්රපටයේ විශේෂ ප්රදර්ශනයක් පසුගියදා පැවැත්වුණු අතර ඒ සඳහා සහභාගි වූ නළු නිළියන් දැක්වූ අදහස් තරිඳු වෙල්හේන යූටියුබ් පිටුවේ පළ කර තිබිණි.