ප්‍රබන්ධ කතා ලිවීම සම්බන්ධයෙන් බොලිවුඩයේ 90 දශකයේ ජනප්‍රිය නිළියක වන ට්වින්කල් ඛන්නා ශාස්ත්‍රපති උපාධිය ලබා ඇත.
ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් ඇය මෙම උපාධිය හදාරා ඇති අතර මේ වන විට ඇගේ වයස අවුරුදු 51ක් වේ.
ට්වින්කල් හින්දි සිනමාවේ තවමත් ජනප්‍රිය නළුවකු වන ආක්ශේ කුමාර්ගේ බිරිඳ වන අතර හින්දි සිනමාවේ පළමු සුපිරි තාරකාව වශයෙන් හඳුන්වන රාජේශ් ඛන්නා සහ ජනප්‍රිය නිළි ඩිම්පල් කපාඩියාගේ දෙටු දියනිය වේ.
ට්වින්කල්ගේ උපාධිය ලැබූ ඡායාරූපය ගෙන දක්වමින් ඇතැමකු පවසා තිබුණේ ආක්ෂේ කුමාර්ට සිනාසීමට හේතුවක් ඇත යනුවෙනි.
ට්වින්කල් විවාහයෙන් අනතුරුව රංගනයෙන් ඉවත්ව කටයුතු කළ අතර ඇය ප්රමුඛ පෙළේ ගෘහ නිර්මාණ ශිල්පිනියක හැටියටද කටයුතු කරන්නීය.
ට්වින්කල්ගේ විශේෂත්වය වන්නේ ඉන්දියාවේ බොහෝ නිළියන් වාගේ විවාහයෙන් පසුව සැමියාගේ ඉපයීම මත ව්‍යාපාර කිරීම වෙනුවට සෑම විටම ස්වාධීන කාන්තාවක් හැටියට සිය ප්‍රතිරූපය ගොඩනගා ගැනීමට ඇය ගන්නා උත්සාහයයි.