ගාල්ල අගනගරය කේන්ද්‍ර කරගනිමින් වාර්ෂිකව පැවැත්වෙන ගාලු සාහිත්‍ය උලෙළ එළඹෙන ජනවාරි 25 වැනිදා සිට 28 වැනිදා දක්වා පැවැත්වේ.
දින හතරක් පුරාවට සාහිත්‍යමය සහ සංස්කෘතිකමය වශයෙන් අතිශය වටිනා අංග රැසකින් සමන්විත උලෙළට සහභාගි වීම සාහිත්‍ය ලැදි බොහෝ දෙනෙකුගේ අපේක්ෂාව වේ.
ඒ අනුව ජනවාරි 25, 26, 27 දිනවලදී ලේන්බාන් වීදියේ අංක 30 දරණ තැන සහ 'ගෝල් ඩි හෝල්'හිදී චිත්‍රපට දැක්මක් සහ තවත් සංස්කෘතිකාංග පැවැත්වීමට කටයුතු යොදාගෙන ඇත.
ගාල්ල කොටුවේ ඉහළම වටිනාකමක් ඇති කතුවරුන්ද එහි සහභාගි වන අතර ප්‍රවේශපත්‍ර ලබාගැනීමේ හැකියාවද ලබා දී ඇත.