ස්නේහා යනු දකුණු ඉන්දීය සිනමාවේ 2000 දශකයේදී නැතිවම බැරි වූ සුන්දර මුහුණක් වන අතර ජනප්‍රිය නළුවන් සමග රඟපෑ ඇගේ ජනප්‍රිය චිත්‍රපට සංඛ්‍යාවද ඉතා ඉහළ වේ.
රාජාරාම් නායිදු සහ පද්මාවතී නායිදු යුවලගේ දියනියක් වූ ඇගේ මුල් නම සුහාසිනී රාජාරාම් නායිදු වුවද ස්නේහා නමින් ඇගේ තිර නාමය බෙහෙවින් ජනප්‍රිය විය.
'අච්චාමුණ්ඩු අච්චාමුණ්ඩු' චිත්‍රපටයෙන් 2009 වර්ෂයේදී දකුණු ඉන්දීය නළු ප්‍රසන්න සමග රඟපෑ ස්නේහා පසුව ජනප්‍රිය වූයේ ප්‍රසන්නගේ සැබෑ පෙම්වතිය ලෙසයි. ඔවුන්ගේ ආදර කතාවට රසිකයින්ද සුබ පැතූ අතර 2011දී ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් ප්‍රසන්න පැවසුවේ ස්නේහා සහ ඔහු විවාහ වන බවය.
විවාහ මංගල්‍යය 2012දී පැවැත්වුණ අතර 2020 දක්වා අනතුරුව ඇය සිනමා කටයුතු සමග සම්බන්ධ වූ නමුත්, ඇය නියැලුණ කලා කටයුතු තරමටම තවමත් ප්‍රසන්න සහ ස්නේහාගේ ආදර කතාවට දකුණු ඉන්දීය මාධ්‍යයේ හිමි වන්නේ ඉහළ තැනක්ය.
ඔවුන්ගේ ආදර කතාබහ තවමත් රසික අවධානය ගෙන තිබේ. මෑතකදී දෙදෙනා සහභාගි වූ එක් වැඩසටහනක එවැනි කෙටි කතාබහක් දෙදෙනාගේ ආදරය ප්‍රකාශ කරන සිදුවීමක් හැටියට මාධ්‍ය තුළ අවධානය ගෙන තිබිණි.