මේ වන විට 54 වැනි වියේ පසු වන ජෙනිෆර් ලෝපේස්ගේ අලුත්ම ගීත ඇල්බමය වන This is me Now ඇගේ ජීවිතය තුළ එළිදැක්වෙන නවවැනි ගීත ඇල්බමය ලෙස ඇගේ ගීත ඇල්බම අතරට එක් කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.
ඒ අනුව එහි පූර්ව ප්රචාරක පටය ඊයේ (17) එළිදැක්වීමට ජෙනිෆර් කටයුතු කළාය.
This is me Now පූර්ව ප්රචාරක පටය නිකුත් වන බව පසුගිය නොවැම්බර් මාසයේ දැනුම් දුන් අතර ඒ පිළිබඳව රසිකයින් දිගින් දිගටම නොඉවසිල්ලෙන් පසු විය.
Nuyorican Productions සහ Rights Managment විසින් 2024 පෙබරවාරි 16 දින මෙම ඇල්බමය නිකුත් කරනු ලැබීමට නියමිත අතර ජෙනිෆර්ගේ 2002දී එළිදැක්වූ Then අනුප්‍රාප්තික ඇල්බමයක් හැටියටද මෙය හඳුන්වා දීමට නියමිතය. ජෙනිෆර්ගේ චිත්රාගාර ඇල්බම අතරින් ජෙනිෆර් එළිදක්වන තුන්වැන්නය. A.K.A. යනු 2014දී එළිදැක්වූ ජෙනිෆර්ගේ පළමු චිත්රාගාර ඇල්බමයයි.
මාස කිහිපයකට පෙර This is me Now පළමු වීඩියෝව ජෙනිෆර් නිකුත් කළ අතර එහි දෙවන වීඩියෝවද කෙටි වීඩියෝවක් හැටියට ඇය නිකුත් කළාය.
පසුගිය දශක දෙක තුළ තමන්ගෙ චිත්තවේගීය, අධ්‍යාත්මික සහ මනෝවිද්‍යාත්මක ගමනක් ලෙස ජෙනිෆර් මෙම ගීත ඇල්බමය ගැන ප්‍රකාශ කරයි. සිය ආදර ජීවිතයේ උසස් තත්ත්වය ගැන අවධාරණය කරමින් ජෙනිෆර් පවසන්නේ "මිනිසුන් හිතන්නේ ඔවුන් මට සිදු වූ සියල්ල ගැන, මා සමඟ ජීවත් වූ ගැන දන්නා බව. නමුත්, ඇත්තටම ඔවුන්ට ඒ ගැන අදහසක් නැහැ. එය බොහෝ විට වැරදියට තේරුම්ගෙනයි සිටින්නේ. ඒ කතාවල මගේ කොටසක් සැඟවී තිබෙනවා. මම දැන් ජීවිතේ යම් තැනක ඉන්නවා මගේ කොටසත් කිව හැකි." ජෙනිෆර් පවසන්නීය.
This is me Now Prime Video වෙතින් ළඟදීම නැරඹීමේ අවස්ථාව ලැබෙනු ඇත.