ශ්රී ලංකාවේ රාජාවලියේ 'කඳුළු බිංදුව' ලෙස හඳුන්වන කුසුමාසන දේවිය හෙවත් දෝන කතරිනා රැජිනගේ ජීවන කතාව ඇසුරෙන් නිර්මාණය වන 'දේවි කුසුමාසන' චිත්රපටයේ රූගතකිරීම් පසුගියදා ආරම්භ වී තිබේ.
Lyca Productions Lanka නිෂ්පාදනයක් හැටියට නිර්මාණය වන චිත්රපට අධ්යක්ෂණය ප්රවීණ සිනමාවේදී ජයන්ත චන්ද්රසිරිගෙනි.
රූගතකිරීම් ආරම්භක අවස්ථාවට Lyca Productions Lanka උප සභාපතිනී ජානකී විජේරත්නගේ සහභාගීත්වයෙන් චිත්රපටයේ කටයුතු ආරම්භ කර තිබේ.
දෙස් විදෙස් කලාකරුවන් රැසක් රංගනයෙන් දායක වන දේවි කුසුමාසනහි කුසුමාසන දේවිය ලෙස උදාරි වර්ණකුලසූරිය, කොනප්පු බණ්ඩාර ලෙස හේමාල් රණසිංහත් ප්රධාන චරිත ද්විත්වය නිරූපණය කරති.
ඡායා : බුද්ධිනී ජයවර්ධන ෆේස්බුක් ගිණුම