මෙරට සංගීත ක්ෂ්‍රේත්‍රයට විශාල මෙහෙයක් සිදු කළ ප්‍රවීණ සංගීතඥ ආර්. මුත්තුසාමි මහතාගේ සේයාරුවක් අද (19) ගුවන්විදුලියේ කුමාරතුංග මැදිරියේදී විවෘත කෙරේ.
1926 දී ඉන්දියාවේදී දෙමළ හා හින්දු භක්තිකයෙකු ලෙස උපතලද ආර්. මුත්තුසාමි මහතා වයස 05 සිටම වයලීන හා වාද්‍ය භාණ්ඩ වාදනයේදී හැකියාව පෙන්වීය.
ඉන්දියානු චිත්‍රපටවල වාදනය ඉදිරිපත් කළ ඔහු මෙරට පළමු චිත්‍රපටය වන කඩවුණු පොරොන්දුවේ වාදනයටද එක්විය.
ඔහු ලංකාවට පැමිණියේ නායගම් මහතාගේ ඇරයුමෙනි.
ඔහුට මෙරට පුරවැසිකම ලබා දුන්නේ හිටපු අගමැති ජෝන් කොතලාවල මහතාය. ඒ මුත්තුසාමිගේ පළමු චිත්‍රපට සංගීතය වන ප්‍රේම තරගයට 1953දී ලැබුණු ජාත්‍යන්තර සම්මානය හේතුවෙනි.
ඇන්ජලීන්, සුජාතා, නන්දා මාලනී ගායන ක්ෂේත්රයටහදුන්වා දුන්නේද ඔහුය. රුක්මණී, ධර්මදාස, ලතා, ජෝතිපාල, මිල්ටන්, බෙග් මෙන්ම කේමදාස, රොක්සාමි මොහොමඩ් සාලි, වික්ටර් ආදී බොහෝ අය චිත්‍රපට ගායන හා සංගීත ක්ෂ්‍රේත්‍රයට හදුන්වා දීමටද මුත්තුසාමි මූලික විය.
මාතලන්, අල්ලපු ගෙදර, සංදේශය, චණ්ඩියා, කුරුළුබැද්ද ඇතුළු චිත්‍රපට රැසකට මුත්තුසාමි සංගීතය සැපයීය. තවද චිත්‍රපට කිහිපයක ඔහු ගීත ගායනයට ද එක්විය.
දෝන නීලියා පෙරේරා බෞද්ධ සිංහල කාන්තාවක් හා වූ අතර සංගීත අධ්යක්ෂ මොහාන් රාජ්, චිත්‍රාංගී, ප්‍රසන්නී, කීර්තිකා ඔවුන් දෙපලගේ දරුවන් වේ.
අශෝක ජයතුංග වොෂින්ටන් සිට