මහේශ් මුණසිංහ අධ්යක්ෂණයෙන් සහ ප්රසිද්ධ උපකාරක පන්ති ගුරුවරයෙකු වන දිනේශ් මුතුගල විසින් නිෂ්පාදනය කරනු ලබන 'සූර්යා' චිත්රපටය ඉදිරියේදී සිනමාශාලාවලදී නැරඹීමේ හැකියාව ලාංකික සිනමා ප්රේක්ෂකයින්ට ලැබෙනු ඇත.
උපකාරක පන්ති ගුරුවරයෙකු වන දිනේශ් මුතුගල සිනමා නිෂ්පාදනයට අවතීර්ණ වීම මෙහිදී අවධානය ගෙනෙන කාරණය වේ.
ජනිත් වික්රමගේ, දිල්හානි ඒකනායක, ලකී ඩයස් සහ නවක නළු නිළියන් රැසක් දායකත්වය දෙන සූර්යා චිත්රපටයේ මුහුරත් උලෙළ පසුගියදා පැවැත්විණි.
වෘත්තීමය මට්ටමින් ඉහළ තාක්ෂණ ශිල්පීන් චිත්රපටයේ සෑම අංශයක් සඳහාම සම්බන්ධ වන බව එහිදී කියැවුණු කාරණය වේ.