ජනප්රිය ප්රහසන නළු බන්දු සමරසිංහ පසුගියදා ශ්රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ 'බන්දුගෙන් අහන්න' වැඩසටහනේදී ශ්රී ලංකාවේ කැරට් මිල ඉහළ යාමට විකල්ප අදහසක් පළ කළේය.
එහිදී වැඩසටහනේ නිවේදක වසන්ත රෝහණ මහතා කැරට් මිල ඉහළ යාම ගැන බන්දු සමරසිංහගෙන් විමසූ විට ඔහු පැවසුවේ කොවිඩ් වසංගත සමයේදීම ආහාර පිළිබඳව අර්බුදය තමන් කල් තියා දැකීම හේතුවෙන් කැරට් ආහාරයට ගැනීම තමන් නැවතූ බවත් ගමේ එළවළු ආහාර ගැනීමට පුරුදු වූ බවත්ය.
'බන්දුගෙන් අහන්න' වැඩසටහන ඉතා රසවත් එකක් වූ අතර රසික ප්රතිචාරද ඒ සඳහා ඉහළින් ලැබිණි.
රසිකයකු විමසූ පැනයක් හේතුවෙන් ඔහු ටෙනිසන් කුරේ ප්රවීණ ප්රහසන නළුවා පිළිබඳවද සිහිපත් කළේය.