පූජා උමාශංකර් යනු ශ්‍රී ලාංකික-ඉන්දීය සම්භවයක් සහිතව ඉපදී දකුණු ඉන්දීය සිනමාවේ මෙන්ම ශ්‍රී ලාංකික සිනමාවේද සිය කලා හැකියාවලින් බැබළුණ රංගන ශිල්පිනියකි.
චරිතාංග මෙන්ම විනෝදාත්මක චරිත රඟපාමින් නිරන්තරව රසිකයින් සමග මුහු වී කටයුතු කළ ඇය මේ වන විට ප්‍රසිද්ධ මාධ්‍යයේ දක්නට ලැබීම අඩු වී තිබෙන අතර පූජා රඟපෑ 'සිහිනයකි ආදරේ' චිත්‍රපටය ඊයේ (18) දින තිරගතවීම ආරම්භ වුවද එහි විශේෂ දර්ශනයේදී පවා ඇය දක්නට නොලැබීම ගැන බොහෝ දෙනෙකුගේ අවධානය යොමු විය.
ප්‍රශාන්ත් ඩේවිඩ් සමග වරක් විවාහ ගිවිස ගත් පූජා ඉන් අනතුරුව පවා කලා කටයුතුවල නියැලුණත් ඇය මෙසේ සමාජ ඇසුරට නො එන්නේ ආගමික අදහස් වෙනස් කරගැනීමෙන් ඈ තුළ වන නැඹුරුව වෙනස් වීමෙන් බව විවිධ පාර්ශ්ව පවසනු දක්නට ලැබේ.
ඈ සමග ළඟින් ඇසුරු කරන අය අතරද ඈ සිටින බවක් දක්නට නොලැබීම තවත් විශේෂ කරුණක් වී තිබේ. නමුත්, පසුගිය වසරේදී පූජා සහභාගි වූ අවස්ථා ගැන ඇගේ රසිකයින් ඡායාරූප සමග ප්‍රකාශ කර තිබීම හේතුවෙන් පූජා සමාජ ඇසුරින් ඉවත්ව ඇති බවක් ඒවායින් පෙන්නුම් නොකරයි.
එහෙයින් මේ පිළිබඳව පූජා විසින්ම පිළිතුරක් ලබා දෙන තුරු බලා හිඳීම හොඳම දෙය වීම හේතුවෙන් ඉදිරි දිනක ඇගේ පිළිතුරක් වෙනුවෙන් ඉඩ තබන්නෙමු.