ස්වාධීන රූපවාහිනියේ මෑත කාලයේ ජනප්‍රිය මෙන්ම බොහෝ දෙනෙකුගේ අවධානය ගත් ටෙලිනාට්‍ය අතරින් එකක් වන 'මීයා' අද දිනයේ (21) අවසන් කොටස විකාශය වීමත් සමගින් එහි පළමු අදියර අවසන් වීමට නියමිතය.
එහි අධ්යක්ෂ චින්තන ධර්මදාස ඒ පිළිබඳව ලියූ සටහනකින් 'මීයා' අවසන් කොටස අද නරඹන්නැයි ප්‍රේක්ෂකයින්ට ආරාධනා කරයි.
අප අපගේ සාර්ථකත්වය මනින්නේ මිතුරන්ගේ සංග්‍රහශීලී වදන්වලින් නොව, සතුරන්ගේ කෝපාවිෂ්ඨ බැණවැදීම් තුළිනි - වී.අයි. ලෙනින්
ලෙනින් මෙහෙම කිව්වා කියල මං ඉස්සර කියවලා තියෙනවා. ලෙනින් එහෙම කිව්වට මට නං සතුරන් කියල ජාතියක් නෑ. හොඳ නරක කියන හැමෝම මිතුරන්ම විතරයි.
කොටස් 21ක් පුරා දිගහැරුනු මීයා ටෙලි නාට්‍යයේ අවසාන සති අන්තය අදින් ඇරඹෙනවා. අදින් මීයා අවසන් වෙනවා. නිර්මාණයකින් දිග කාලයක් පුරා ගත්ත ආස්වාදය කෙළවර වීම හිතට දුකක්.
මාත් බෝත් තනි තනිව මෙතෙක් කරපු වැඩ අතරින් වැඩිම ප්‍රේක්ෂකයන් ප්‍රමාණයක් අතරට ගිය වැඩේ වෙන්නෙ මීයා. යුටියුබ් එකේ ලක්ෂයකට ආසන්න හෝ ලක්ෂයක් ඉක්මවා යද්දි ඓඨ්ණ් එකෙන් ඊට වඩා දෙතුන් ගුණයකට මීයා ළඟා වුණා. ඇත්තටම මේ ප්‍රමාණය ලංකාවෙ චිත්‍රපටියක් නැරඹුවා නම් ඒ චිත්‍රපටිය අත උඩින් ගොඩ.
කූඹියෝ, කොඩි ගහ යට වගේ නාට්‍යවල ඉඳන් කෝපි කඩේ, දෙවෙනි ඉණිම වගේ නාට්‍ය දක්වාම ලොකු පරාසයක මීයා සංසන්දනය කරමින් විවිධ අය විවිධ දේ කතා කළා. ඒ වගේම මීයා තරම් බැනුම් අහපු කිසිම නාට්‍යයක් නැති එකත් ආඩම්බරයට කාරණයක්. ඒ මීයා විසින් ඇති කරපු ඩිස්රප්ෂන් එකේ තරමයි.
මගේ දැනීමට අනුව මීයා කියන්නෙ ලංකාවෙ වම් ඉවුරෙ නාට්‍ය සම්ප්‍රදායට ප්රතිවිරුද්ධව නිර්මාණය, පළවෙනි ලිබරල් මැද අදහසක පිහිටපු නාට්‍යය වෙනවා. වමට හිනාවෙන පළවෙනි වැඩේ මීයා. ඒ හින්දම ගොඩක් අය මීයා ලියන්නෙ රටේ ජනාධිපති රනිල්ද කියල පවා සැක කළා. එතනින් නවතින්නෙ නැතුව මීයා හැන්සාඩ් එකටත් රිංගුවා.
ඒ වගේම මීයා ආදරෙන් වැළඳගත්ත කල්ට් එකකුත් හිටියා. ඒ අය මීයා ගැන විවිධ දේ ලියලා එව්වා. ඒ අය අපේ වැඩක කල්ට් රහ අඳුරන අය. උන් ටික ආදරෙන් වැළඳගන්නවා.
මීයා ටීවී එකට යනකල් උදව් වුනු පිරිස විශාලයි. ඒ වෙනුවෙන් රංගනයෙන් දායක වුණු අය වගේම තිරෙන් පිටුපස ඉඳන් තමන්ගෙ උපරිමය ලබා දුන් පිරිසත් මතක් කරන්න ඕනමයි. මේ වගේ උඩුගං බලා යන නාට්‍යයක් නිෂ්පාදනයට නැවත ලාබයක අරමුණක් නැතුවම මුදල් දුන් සහෝදරයන්ටත් හදවතින්ම ස්තුති නොකර බෑ. උඹලා මාරයි.
මීයා පළවෙනි සීසන් එක මෙතනින් අවසන් වෙනවා. දෙවෙනි සීසන් එක නුදුරු දිනකදීම ආරම්භ වෙයි. එතෙක් ඔබේ හාදු වගේම ඇඳපොලුත් පරිස්සමෙන් ළඟ තියාගන්න කියලා මතක් කරනවා.
එහෙනං (සෙනසුරාදා) - ඉරිදා මීයා ඉවර වෙන හැටි බලන්න. ටටා!
- මීයා අධ්යක්ෂ චින්තන ධර්මදාස