තමන් බණ භාවනාවට ගොස් ආගමික ලැදියාවෙන් රංගනයෙන් ඉවත් වූ බවට වන ප්රචාර උපහාසයට ලක් කරමින් ශ්රී ලංකාවේ සහ ඉන්දීය සිනමාවේ ජනප්රිය නිළියක වූ පූජා උමාශංකර් එම ප්රචාර අද (21) දිනයේ තරයේ ප්රතික්ෂේප කළාය.
රංගන සිල්වා මෙහෙයවන 'සියත පත්තරේ' වැඩසටහනේදී ඊයේ (20) ලංකාදීප පුවත්පතේ 'රංගනය - විවාහය එපා වී පූජා බණ භාවනාවට' කියන උද්ධෘත සහිතව පළ කළ ප්රවෘත්තිය සහ තහවුරු නොකළ පුවත් ගණනාවක් ගැන පූජාගෙන් විමසීමක් කෙරිනි.
මේ වන විට ඉන්දියාවේ බැංගලලෝරයේ පදිංචිව සිටින පූජා එහිදී තමන් පිළිබඳව වන ප්රචාර සම්බන්ධයෙන් සිනහාවෙමින් ප්රතිචාර දැක්වූ අතර 2013 දෙමළ ඉන්දීය සිනමාවෙන් සමුගත්තා සේම සිංහල සිනමාවෙන්ද 2016 සිට සමුගන්නා බවත් 'සිහිනයකි ආදරේ' සිය අවසන් සිනමා කටයුත්ත වන බවද මීට පෙරදී ප්රකාශ කරමින් තමන්ගේ තීරණය ප්රසිද්ධ කළ බවත් පූජා එහිදී ප්රකාශ කළාය.
ජීවිතය ගැන කලකිරී තමන් ගත් තීරණයක් හැටියට රංගනය අත්හැරීම වැරදි වන අතර තමන් බයිබලය හැදෑරීමට කලක සිටි දැක්වූ පෙළඹවීම අනුව එය තවමත් කරමින් සිටින බවද ප්රකාශ කළ රංගන ශිලිපිනිය, නිළියකව සිටියදී කළ නොහැකි වූ ආහාර පිසීම, මල් වගාව, සුරතල් මසුන් ඇති කිරීම යනාදී කටයුතුවලද මේ වන විට නියැලී සිටින බවද අනාවරණ කළාය.
වසර මැදද්ඩී ශ්රී ලංකාවට පැමිණීමට නියමිත පූජා එවිට රංගන ද සිල්වාගේ වැඩසටහනකට සහභාඉ වන බවටද ඉඟි පළ කළාය.
පූජා සිනමා කටයුතු අතහැර ඇති බව තහවුරු කළ නමුත්, ආගමික නැඹුරුව හේතුවෙන් රංගනය අතහැරියේද යන්න ඇගේ සමීපතමයින් කිසිවෙකු ප්රකාශ නොකරන බව 'මිරර් ආට්ස්'ද මීට පෙර පැවසූ අතර පූජාගේ පිළිතුර වෙනුවෙන් තැබූ ඉඩ අපි ඉදිරියටද විවෘත කර තබනෙමු.