'හදවතේ ගායකයා' නමින් ශ්‍රී ලාංකික ගීත රසිකයින්ගේ ආදරයට පාත්‍ර වූ ගායන ශිල්පී චාමර වීරසිංහ හෙවත් චාලි නමින් මූල්‍ය වංචාවේ යෙදෙන පාර්ශ්ව ගැන හෙළිදරව් වී තිබේ.
චාමර වීරසිංහ පිළිබඳව සැකසූ අසත්‍ය වීඩියෝපට යොදාගනිමින් මූල්‍ය වංචා සිදු වන බවත්, එවැනි පාර්ශ්ව සම්බන්ධයෙන් ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවත් කියවේ.
"රටක් ආදරය කරන චාමර අයියා වෙනුවෙන් කියමින් මුදල් එක්රැස් කරන වංචනිකයන්ට අසුවෙන්න එපා කියලා අයියගේ ආදරණීය රසික රසිකාවියන්ගෙන් ඉල්ලා සිටිනවා. අයියා වෙනුවෙන් සල්ලි එකතු කරන්න කිසිදු අවශ්‍යතාවක් නැහැ. අයියා වෙනුවෙන් වියදම් කරන්න අපට සල්ලි තියෙනවා." යැයි මෙසේ පවසන්නේ චාමර වීරසිංහගේ බාල සොහොයුරා වන බුද්ධික වීරසිංහ වේ.
චාමර ගැන අසත්‍ය වීඩියෝ දර්ශන දුටුවේ නම් 0774 – 812245 බුද්ධික වීරසිංහගේ ජංගම දුරකථන අංකයට දැනුම් දෙන ලෙස ඔහු ප්‍රකාශ කරයි.