මධුහංසි හසින්තරා යනු ශ්‍රී ලංකාවේ ඉපිද මේ වන විට ඉන්දීය කලා ක්ෂේත්රයේ දිගු ගමනක් යාමට අපේක්ෂා කරන බව අවධාරණය කරමින් සිය සමාජ ජාල ගිණුම් ඔස්සේ බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගත් ශ්‍රී ලාංකික තරුණියකි.
මධුහංසි පසුගිය ෂාරුක් ඛාන්ගේ බොක්ස් ඔෆීස් වාර්තා තැබූ 'ජවාන්' චිත්‍රපටයේදී බෙහෙවින් අවධානයට පාත්‍ර නොවන ජනමාධ්‍යවේදිනියකගේ භූමිකාවකට චිත්‍රපට පසුතලයක පෙනී සිටි අතර එහිදී ඇයව ඇගයූ පිරිස් මෙන්ම ඇයව උපහාසයෙන් දුටු අයද බොහෝ විය.
කෙසේනමුත්, තම ඉන්දියාවේ කලා කටයුතු තුළ ඇය සිහින අත්නෑර ඇති බව තහවුරු කරන ඡායාරූප කිහිපයක් මධුහංසි පසුගියදා සිය සමාජ ජාලවල පළ කර තිබිණි.
එනම් මේ දිනවල ඉන්දියාවේ සීටීවීහි විකාශය වන නාට්‍යමය කතා මාලාවක සහාය චරිතයක් නිරූපණය කරන බවට ඇය ප්‍රකාශ කර තිබිණි.
මධුහංසි විවිධ නිරූපණ, නිවේදන කටයුතුවලද මේ වන විට නිරත වන අතර ඈ සිය කලා දිවිය තුළ ගමන් ගන්නා දුෂ්කර අවස්ථාවන්ට හොඳින් මුහුණ දෙමින් සිටින බව ඇගේ ප්‍රකාශනවලින් දකින්නට ලැබේ.