ආචාර්ය නදී දිසානායක විසින් නිර්මාණය කරන ලද 'බෝනික්කා' කෙටි කාටූන් කතාව හරවත්ව සහ කලාත්මකව දරුවන්ට යහපත්කම් ගැන කියා දෙන රසවත් කාටූන් කතාවකි.
'බෝනික්කා' කතාව, සිතුවම් සහ අක්ෂර සංයෝජනය නදී දිසානායක විසින් නිර්මාණය කරනු ලැබ තිබේ.
එම කතාව සමග නදී පවසා ඇත්තේ "අප අතින් වැරදි සිදු විය හැක. කවුරු හෝ එම වරද පෙන්වා දුන් විට එය පිළිගෙන නැවත එම වරද නොකිරීමට අප පුරුදු විය යුතුය. අනුකිට සභාවේ සිටි සැමගේ ආදරය දිනාගන්න පුළුවන් වුණේ ඒ නිසයි." යනුවෙනි.
දරුවන්ට ඔවුන්ගේ මනසින් දැකිය හැකි පරිදි කතාවක් කියා දීමට ගත් මෙම වෑයම ගැන නිර්මාණකාරිය දිරිගැන්වීමට අපි ඉතා සතුටු වෙමු.
'බෝනික්කා' ප්රථම ප්රකාශනය 2023දී කළ අතර කතාවේ හඬ මුසුව කුළුණි මෙත්සලා, වීඩියෝ සංස්කරණය - හර්ෂ ගෝමස්, හඬ මැදිරිය Recording .lk වේ.