ජනප්‍රිය ගායන ශිල්පී ක්‍රිෂාන්ත එරන්දක පසුගියදා (20) ජාතික ජනබලවේගයේ පුත්තලම ආසන සමුළුවේ දේශපාලන වේදිකාවේ පෙනී සිටිමින් එම පක්ෂයට සහාය පළ කරන බව ප්‍රසිද්ධියේ පෙන්වා දී තිබේ.
සිය ගීත ගායනයෙන් බොහෝ රසික ප්‍රජාවක් තමන් වටා ගොනුකරගෙන සිටි ක්‍රිෂාන්ත එරන්දක මීට පෙරද දේශපාලන මතවාද වෙනුවෙන් පෙනී සිටිමින් විවිධ දේශපාලන මත වෙත සහාය පළ කළ ස්වාධීන මිනිසෙකු වේ.
ඔහු මේ වන විට ජාතික ජනබලවේගයට සහාය පළ කරන බවට තහවුරු කර තිබේ.
දේශපාලනඥයින් කලා කටයුතුවල නියැලීම ජනතාව නොසලකා හැරියද සාමාන්‍යයෙන් කලාකරුවකු දේශපාලනයේ නියැලීම ඔහුගේ රසිකයින්ට විවිධ ආකාරයේ සංවේදී අදහස් පහළ කරන අවස්ථා නිර්මාණය කිරීම සාමාන්‍ය තත්ත්වයකි. ක්‍රිෂාන්ත එරන්දකගේ රසිකයින් මේ වන දක්වා මේ සම්බන්ධයෙන් කිසිදු ආකාරයේ ප්‍රතිචාරයක් දක්වා නොමැත.