රාජ්‍ය සාහිත්‍ය උපදේශක සභාව සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරන මාසික සාහිත්‍ය දේශන මාලාව 'සාහිත්‍ය සම්භාෂණ' මේ මස සිට ආරම්භ කෙරේ.
ඒ අනුව එහි පළමු දේශනය ජනවාරි 24 පස්වරු 04ට ජාතික ලේඛනාගාර ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
'නෑවිත් යන්ට බැරිය' - භාෂාව, ආදරය සහ මරණය තේමාව සමගින් ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ භාෂා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නිම්මි මාලිකා මැණිකේ දේශනයට සහභාගි වීමට නියමිතය.