අයෝධ්‍යාවේ ඉන්දියාවේ රාම කුමරුන්ගේ උපත ලද ස්ථානය බව අනාරණ කරගෙන එම ස්ථානයේ ඉදිකළ මන්දිරය රාම් මන්දීර් දෙවොල වශයෙන් ස්ථාපිත කිරීම ඊයේ (22) පැවැත්විණි.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මෙම ස්ථාපිත කිරීම සඳහා අයෝධ්‍යාව කරා ගොස් සිටි අතර අදාළ ස්ථානයෙහි පිහිටි 'බබ්රි මස්ජිද්' මුස්ලිම් පල්ලිය රාම දෙවොලක් කඩා ඉදි කළ එකක් බවට විශ්වාස කරමින් 1992දී එය හින්දු අන්තවාදීන් විසින් කඩා දමනු ලැබිණි.
අනතුරුව ඒ පිළිබඳව ආ තර්ක අනුව පුරා විද්‍යා සාධක සහ බොහෝ සාක්ෂි මත පදනම්ව එම ස්ථානයෙහි හින්දු දෙවොලක් වූ බවට 2019දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව ලබා දුන්නේය.
ඒ අනුව රාම් මන්දීර් ඉදිකිරීම සිදු වුණ අතර එම අවස්ථාවට බොලිවුඩයේ ආගමික පදනම අනුව රාම දෙවියන් අදහන බැතිමතුන් හැටියට සුර්පිරි තරු යුගල සහභාගි වී සිටිනු දක්නට ලැබිණි.
ඇතැම් නිළියන් හැඳි සාරිය පවා රාම තේමාවට අනුව බවද ඉන්දීය මාධ්‍ය පෙන්වා දී තිබිණි.