ප්‍රංශ ජාතික ජීන් පෙයෙරේ මාටිනස් විසින් රචිත Critical but stable යන නාට්‍යය 'බරපතළයි එහෙත් ස්ථාවරයි' යන නමින් තුෂාර දිල්හාන් ගොඩගේ සිංහලයට පරිවර්තනය කළ නාට්‍යයේ මංගල දර්ශනය 2024 ජනවාරි 26 වැනිදා සවස 06.30ට මරදාන ටවර් රඟහලේදී රංග ගත කිරීමට කටයුතු යොදා ඇත.
ප්‍රහසනය සහ කුතුහලය ප්‍රකට කරමින් ප්‍රේක්ෂක ප්‍රජාව ග්‍රහණය කරගැනීමට රචකයා උත්සාහ දරා ඇති නමුත් මෙය ප්‍රහසනය සහ කුතුහලය අභිභවන යටි පෙළක් සහිත දේශපාලනමය ප්‍රහසනයක් යැයි පැවසීම වඩාත් උචිත වන නාට්‍යයකි.
මිනිසාගේ අභ්‍යන්තර කෑදරකම් වෙනුවෙන් අනෙකාව පෑගීම, භාවිත කිරීම, සූරා කෑම යනාදී අවස්ථා වෙත ප්‍රේක්ෂක ප්‍රජාව රැගෙන යන්නට රචකයා එහිදී සමත්කම් දක්වා ඇත.
නූගත් සාමාජික ප්‍රජාව කරන සමාජ විරෝධී ක්‍රියා උගත් සමාජ සමාජික ප්‍රජාව විසින් සූරා කනු ලබන අකාරය ඔහු මෙම නිර්මාණය තුළ ඉතා සූක්ෂ්ම අන්දමට ඇතුළත් කර ඇත. එය වර්තමාන අප සමාජයට සාපේක්ෂද නැතිද එසේ නම් ඒ කොපමණක්ද යන්න නරඹන ප්‍රේක්ෂක ප්‍රජාවම තීරණය කළ යුතුය.
උදේනි අලවිස්, සමිත සුධිෂ්වර, ඇතිනා ශෙනෝලි, ඉරෝෂා වෙත්තසිංහ, දිලුනි රණසිංහ, සුමේධ හේවාවිතාරණ සහ එම්. එමිල් මෙම නාට්‍ය නිර්මාණය සඳහා රංගනයෙන් දායක වන අතර වේදිකා පරිපාලනය සුසිල් විජේසේකර ගෙනි. අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය විජිත හෙට්ටිගේය.