කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ ජනමාධ්‍ය කවයේ 30 වන සංවත්සරය වෙනුවෙන් පැවැත්වූ විශේෂ සමරු උත්සවයක් පසුගිය 20දා ආදි සේනානායකයන්ගේ ක්‍රීඩා සමාජයේ උත්සව ශාලාවේදී පැවැත්විය.
එහි ප්‍රධාන ආරාධිතයා ලෙස කොළඹ ඩී.එස්. සේනානයක විද්‍යාලයේ ආදී ජනමාධ්‍ය කවයේ සභාපති නෙත් එෆ්.එම්. ජ්‍යෙෂ්ඨ ප්රවෘත්ති ප්‍රධානී හේමන්ත කහවලගේ සහභාගි විය.
ජනමාධ්‍ය කවයේ සභාපතිවරයා 30 වන සංවත්සරය වෙනුවෙන් සකස් කළ විශේෂ කේක් ගෙඩිය කැපීමෙන් අනතුරුව කොළඹ ඩී.එස්. විද්‍යාලයේ ආදී ජනමාධ්‍ය කවයේ කටයුතු ආරම්භ කළේය.
විද්‍යාලීය ජනමාධ්‍ය කවයේ ආරම්භයේ සිය වර්තමානය දක්වා සියලුම කණ්ඩායම් නියෝජනය කරමින් ආදි සිසුහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.