සැබෑ රෝස මල් පෙති 7,000කින් සාදන ලද කබායක් ඇඳීමට පසුගියදා ලෝක ප්‍රසිද්ධ පොප් ගායිකා ජෙනිෆර් ලෝපේස් සමත් වූවාය.
එය සීනි, ජලය යොදා නැවුම්ව සහ ස්වභාවිකව නොමැරී යන උපක්‍රම යොදාගත් මල් පෙතිවලින් සැකසූ කබායකි.
හමිංබර්ඩ් නෙක්ටාර් ලෙසද හඳුන්වන මෙම ද්‍රව්‍යය යොදා සැකසූ රෝස පෙති කබාය වාර්ෂිකව පැවැත්වෙන Schiaparelli Couture 2024 සඳහා ඩැනියෙල් රෝස්බරි විසින් ජෙනිෆර් සඳහාම විශේෂයෙන් නිර්මාණය කරන ලද කබායක් වේ.
මගේ හදවත් + මල් යුගය, හමින්බර්ඩ්ස් + රෝස පෙති මගේ මාර්ගෝපදේශකයන් වී ඇති බව ජෙනිෆර් මේ ගැන අදහස් දක්වමින් පවසා තිබිණි.