දකුණු ඉන්දීය මහා සංගීත විශාරදවරයකු වන ඉලයරාජාගේ දියනිය භවධරිණිගේ හදිසි වියෝව ගැන වන ඛේදනීය පුවතට ප්‍රතිචාර වශයෙන් දකුණු ඉන්දියාවේ ජනප්‍රිය කලාකරුවන් වන කීර්ති සුරේෂ්, ශෘති හසන්, අනිරුද් ඇතුළු පිරිසක් සිය හෘදයාංගම ශෝකය තම සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කර තිබිණි.
ඉලයරාජා සහ ඔහුගේ පවුලේ අය සනසමින් අධ්යක්ෂ මාරි සෙල්වරාජ්, චිත්‍රපට අධ්යක්ෂ කාර්තික් සුබ්බුරාජ් තම බලවත් කම්පනයක් සහ ශෝකය ප්‍රකාශ කළ අතර ජයම් රවී, සූරි, සිලම්බරසන්, කුෂ්බු සුන්දර් සහ ගෞතම් කාර්තික් ඇතුළු නළු නිළියන්ද භවධරිණීගේ අකල් වියෝව පිළිබඳව ශෝකය පළ කර තිබිණි.
අධ්යක්ෂ කාර්තික් සුබ්බුරාජ්ගේ ශෝක පණිවුඩයෙන් භවධරිණි ගැන හඳුන්වා තිබුණේ "ශබ්දයෙන් ආලෝකය විහිදුවන දේව දූතිය" හැටියටය.