ජාතියේ අභිමානය සම්මාන උලෙළේදී භාෂා තුනෙන්ම කටයුතු කරන යොවුන් මාධ්‍යවේදියා හැටියට ජනප්‍රිය 'ධනුට කියන්න' වැඩසටහනේ පූරක ලෙස කටයුතු කරන ධනු ඉන්නාසිතම්බිට හිමි විය.
කොළඹ රාමාඩා හෝටලයේදී මීට දින කිහිපයකට පෙර පැවැත්වුණු සම්මාන උලෙළේදී ධනුට හිමි වූ සම්මානයට හිමි හැඳින්වීම වූයේ 'ශ්‍රී ලංකාවේ සිංහල,දෙමිළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම නිවේදන කටයුතු කරන යොවුන් මාධ්‍යවේදියා' යන්නයි.
ජනප්‍රිය 'හායි ටීවී'හී නාලිකා ප්‍රධානී වන ධනු සිය සම්මානය පිළිබඳව පවසා තිබුණේ
"ජාතියේ අභිමානය කියන තේරුම රැගත් මෙම සම්මානය පුද්ගලයෙකුට තමන්ගේ ජීවිතකාලය තුළ එක්වරක් පමණක් ලබා ගත හැකි උපහාර සම්මානයක්. මෙම සම්මානය තුළින් සිදු වෙන්නේ සම්මානලාභියා තමන්ගේ ක්ෂේත්රය වෙනුවෙන් තම ජීවිත කාලය තුළ ඉටු කර ඇති අනූපම සේවාව ගෞරවණීය ලෙස අගය කරමින් සම්මානලාභීන් 40 දෙනෙකුට සම්මාන හිමි වුණා. ඒ අතරින් ලංකාවේ සිංහල දමිළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම නිවේදන කටයුතු කරන යොවුන් මාධ්‍යවේදියා කියන වර්ගීකරණය යටතේ සම්මානයක් ලබන්න මම වාසනාවන්ත වුණා.
ස්තුතියි ❤️" යනුවෙනි.