නිතේෂ් තිවාරිගේ රාමායණයේ විභීෂණ ලෙස රඟපෑම සඳහා දකුණු ඉන්දීය ජනප්‍රිය නළු විජේ සේදුපති සාකච්ඡා කරමින් සිටින බව මාධ්‍ය වාර්තා කර තිබිණි. මෙම චිත්‍රපටයේ රාම් දෙවියන් ලෙස රන්බීර් කපූර් රඟපෑමට නියමිත බවදා වාර්තා වේ.
චිත්‍රපටයේ VFX කටයුතු සඳහා දින 500ක් වෙන් කර ඇති අතර චිත්‍රපටයේ සීතා දේවිය ලෙස සායි පල්ලවි සහ රාවණා ලෙස යාෂ් තෝරාගත් බව මීට පෙරදී පැවසිණි.
මීට අමතරව ඉන්දියාවේ දේවත්වයෙන් පුදන හනුමාන් ලෙස රඟපෑමට සනී ඩියෝල් සහ ලාරා දත්තා කයිකේයිගේ චරිතය රඟපෑමට අත්සන් කර ඇති බවට දැනගන්නට තිබේ.
නිතේෂ් තිවාරි මෑතකදී විජේ සේදුපති මුණගැසුණු අතර චිත්‍රපටය කෙරෙහි ඔහුගේ උනන්දුව තිවාරි මෙහිදී පෙන්නුම් කර තිබේ.