ජීවන ගංගා, රණ දෙරණ, අනූෂා වැනි සිංහල චිත්‍රපට අධ්‍යක්ෂණය කරමින් සිංහල සිනමාව එළි පෙහෙලි කළ ජ්‍යෙෂ්ඨ සිනමා අධ්යක්ෂ දයානන්ද රොද්‍රිගු සිය දිවි සැරිය නිම කර තිබේ.
රුක්මණී දේවි, විජය කුමාරණතුංග, ශ්‍රියානි අමරසේන, රවීන්ද්‍ර රන්දෙණිය, ශ්‍රියානි ෆොන්සේකා, අග්‍රා සජීවනී, පියදාස විජේකෝන් වැනි රංගන ශිල්පීන් තම නිර්මාණ සදහා දායක කර ගත් ඔහු දක්ෂ සටන් අධ්‍යක්ෂකවරයෙකුද වේ.
ටෙඩී විද්‍යාලංකාර, රොබින් ප්‍රනාන්දු වැනි ශිල්පීන් සටන් නළුවන් ලෙස සිනමාවට රැගෙන ආවේ දයානන්ද රොද්‍රිගු වන අතර එය අංගම් සටන්කරුවන් ශ්‍රී ලාංකික සිනමාවේ නොසිටි යුගයක් විය.
ඩිල්මන් ජයරත්න (ඩිල් ෆිල්ම්ස්), ඊබට් විජේසිංහ, සෑම් පෙරේරා වැනි ශිල්පීන් දයානන්ද රොද්‍රිගු සමඟ නිතර වැඩ කර ඇත.
ජයන්ත චන්ද්‍රසිරි සමඟ සුනිල් රත්නායක සහ සරත් සේනාරත්න හා එක්ව දඬුබස්නාමානය නිර්මාණය කිරීමෙන් පසුව එහිදී ස්ප්‍රිං ටේබල් නොමැතිව, කේබල් නොමැතිව ශිල්පීන් එහිදී අන් අයට ඉහළින් පියඹා ගියේද දයානන්ද රොද්‍රිගුගේ ශිල්පීය මග පෙන්වීම අනුව බව ඔහුගේ හිතමිත්‍ර සරත් සේනාරත්න සංවේගයෙන් සිය සමාජ ජාල ගිණුමක සඳහන් කෙරුණේ දයානන්ද රුද්‍රිගු මහතාගේ අභාවය දැනුම් දෙමිනි.
එම සටන් ශිල්පය සමඟ දයානන්ද රොද්‍රිගු සනග සමුගෙන ගොස් අවසන් බව සඳහන් කරමින් සරත් සේනාරත්න සඳහන් කර තිබුණේ අන්තර්ජාලය සෙවූවත් ඔහුගේ එකදු පින්තූරයක් සොයා ගත නොහැකි නමුත්, රටේ සිනමා කර්මාන්තයකුත් චිත්‍රපට සංස්ථාවකුත් තිබෙන බවය.
සරත් සේනාරත්න මහතා පින්තූර සොයා ගත්තේ දයානන්ද රොද්‍රිගුගේ දියනිය පද්මිණි රොද්‍රිගුගේ පෞදගලික ද්ගලික ලිපි ගොනුවකින් වන අතර අපිද ඉමහත් ගෞරවයෙන් මෙම ඡායාරූප පළ කරන්නෙමු.
ඔහුට අප නිවන් සුවය ප්‍රාර්ථනා කරමු!