ජනප්‍රිය නළු ධනංජය සිරිවර්ධනට ආ මරණ තර්ජන පිළිබඳව 'මිරර් ආට්ස්' යූටියුබ් නාලිකාවේ පළ කළ විශේෂාංගයකිනි.
ධනංජය සිරිවර්ධන කියන්නේ ශ්‍රී ලාංකේය සිනමාවේ, වේදිකාවේ වගේම රූපවාහිනියේත් එක හා සමානව ජනප්‍රිය නළුවෙක්. සුනිල් සිරිවර්ධන කියන ජනප්‍රිය ප්‍රවීණ ගායකයාගේ සහ සසිරි සිරිවර්ධන කියන ගී පද රචිකාවියගේ පුතා කියන හැඳින්වීම ධනංජයට ලැබුණත් තමන්ගේ පවුලේ බැබළීමට වඩා තමන්ගේ හැකියාවෙන් කලාවේ රැඳෙන්න කටයුතු කරන නළුවෙක් තමයි ධනංජය කියන්නේ.
ධනංජයගේ අයියා ජනප්‍රිය ගායක මධුමාධව අරවින්ද. ඔහුගේ නැන්දා තමයි ඉතාම මිහිරි හඬක් හිමි ප්‍රවීණ ගායිකාවක් වෙන චන්ද්‍රිකා සිරිවර්ධන කියන්නේ. ධනංජයගේ සීයා, මිත්තණියත් කලාවට සම්බන්ධ පැරණි කලා ශිල්පීන්. නළු වෘත්තීයට අමතරව ධනංජය මේ වෙද්දි වැඩසටහන් පූරකයෙකු විදිහටත් රූපවාහිනියේ කටයුතු කරනවා. ඒ ගැන තියෙන ප්‍රතිචාරත් ඉතාම ඉහළ බව තමයි අපට පෙනෙන්නට තියෙන්නේ.
මෑතකදී ධනංජය ගැන ඔහුගේ වෘත්තීය ජීවිතයෙන් තොරව වෙනත් විදිහකට කතා කරන්න ලැබුණේ ඔහුට අනිසි විදිහට එල්ල වුණ මරණ තර්ජනයකුත් සමගයි. ඒ ධනංජය තමන්ගේ ෆේස්බුක් ගිණුමේ පළ කරපු සටහනකට උරණ වුණ කීප දෙනෙක් ඔහුට අපහාසාත්මක වගේම මාරාන්තික තර්ජන එල්ල කිරීම නිසයි.
ඒ 'සමහර ප්‍රශ්නවලට උත්තරය මරණයමයි...' යනුවෙන් ධනංජය පළ කළ සටහන නිසයි. මේ සටහන සමග කෝප ගත්ත ඇතැම් අය ධනංජයට සහ ඔහුගේ පවුලට අපහාසාත්මක ආකාරයේ ප්‍රතිචාර දක්වලා තිබුණා. ඔහුගේ පුංචි දියනිය ගැනත් ඉතාම අශිෂ්ඨ ප්‍රතිචාර දක්වලා තිබුණා විතරක් නෙවෙයි ධනංජයට සහ පවුලට මරණ තර්ජන එල්ල කරලා තියෙනවා අපිට දකින්න ලැබුණා. මේ ප්‍රතිචාර දක්වන අය ධනංජයගේ සටහන හදිසි අනතුරකින් මිය ගිය සනත් නිශාන්ත ඇමතිවරයාගේ මරණය හා සම්බන්ධව තැබූ සටහනක් හැටියට භාරගෙන නළුවාට තර්ජනය කර තිබෙනවා කියලා තමයි දකින්න ලැබෙන්නේ.
මේ අසභ්‍ය ප්‍රතිචාරවලට ධනංජය 'මගේ පේජ් එක මගේ පෞද්ගලිකත්වය මිස දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් නිර්මාණය වූවක් නොවේ...' යනුවෙන්ද පැහැදිලි කර තිබුණත් ඔහුට තර්ජන එල්ල කරන කිසිවෙක් එය පිළිගත්ත බවක් නම් පෙනෙන්නට තිබුණේ නෑ.
ධනංජයගේ සහෝදරයා මධුමාධව අරවින්ද දේශපාලන කටයුතුවල නියැලුණත් ධනංජය එසේ නොවන කෙනෙක් හැටියට තමයි ප්‍රසිද්ධ. ලංකාවේ කලාකරුවන් ප්‍රසිද්ධියේ විවිධ දේශපාලන මත දැරුවත් ධනංජය අයිති වෙන්නේ තමන්ගේ කලාව පමණක් පාඩුවේ කරගෙන ජීවත් වන කලාකරුවෙක් විදිහටයි.
කොහොම නමුත්, කලාකරුවෙකුට වගේම කිසිම සාමාන්‍ය මිනිසෙකුටවත් මේ වගේ මරණීය තර්ජන එල්ල කිරීම මේ රටේ නීතියට අනුවත් අනුමත කළ නොහැකි දෙයක් වගේම පිළිගත නොහැකි දෙයක්. මේ සිද්ධිය රටේ සාමාන්‍ය පැවැත්ම ගැන බරපතලව සිතන්නත් හේතුවක්ද වෙනවා.
ධනංජය විවාහ වී සිටින්නේ ගුවන් සේවිකාවක් වන ශෂිනි සමඟයි. ඡායාරූප රූගත කිරීමකදී හමු වන මේ දෙන්නා විවාහයෙන් පසුව පුංචි දැරියකගේ දෙමව්පියන් වෙනවා.
ලංකාවේ විවිධ සම්මාන උලෙළවලදී හොඳම, ජනප්‍රියම සම්මාන ලැබූ නළුවෙකුට මේ වගේ අපහාස කරන එකත් මාරාන්තික තර්ජන එල්ල කිරීමත් ඔහුගේ රසිකයින්ගේ වුණත් හිත රිදවන කාරණයක්. ඒ නිසාම ධනංජයට මේ අසීරු තර්ජනවලට මුහුණ දීමේදී ඇති වන වේදනාව ගැන අලුතින් කියන්නට දෙයක් ඉතිරිව නෑ. විය යුත්තේ කිසිවෙකුගේ මතයක් රටේ පොදු සිද්ධි හා සැසඳෙන්නේද යන්න හරිහැටි වටහා ගැනීමට හැකි නවමාධ්‍ය භාවිතයේ වැටහීම සියල්ලන්ට හරිහැටි ලබාදීම කියලයි අපිට නම් හිතෙන්නේ.
ඉදිරිපත් කිරීම: මාශි සේනානායක