'වඩා හොඳ චිත්‍රපටයක්, වඩා හොඳ ප්‍රේක්ෂකාගාරයක්, වඩා හොඳ සමාජයක්' ධකා ජාත්‍යන්තර සිනමා උලෙළේ තේමා පාඨයයි. මෑතකදී ධකා ජාත්‍යන්තර සිනමා උලෙළ ගැන වැඩි අවධානයක් සහ කතාබහට ලක් වූයේ ශ්‍රී ලාංකික සිනමා අධ්යක්ෂ ජගත් මනුවර්ණ කොඩිතුවක්කු සම්මාන උලෙළේ ආසියානු අංශයේ හොඳම අධ්යක්ෂවරයා බවට පත් වීමත් සමගයි.
22 වැනි ධකා ජාත්‍යන්තර සිනමා උලෙළ මෙවර ජනවාරි 20 - 28 දක්වා බංගලාදේශ ජාතික කෞතුකාගාර ශ්‍රවණාගාරයේදී පැවැත්වුණ අතර ඒ සඳහා අංශ කිහිපයක් සඳහා සිනමා තරඟකරුවෝ සහභාගි වූහ. රටවල් 30ක් නියෝජනය කරන ආරාධිතයින් සහභාගි වන මෙවර 2024 උලෙළට ප්‍රධාන සම්මාන 22ක් ඇතුළත් වූ අතර චිත්‍රපට සංඛ්‍යාව 253ක් උලෙළ සඳහා ප්‍රදර්ශනය කෙරිණි. සිනමා උලෙළ ආසියාතික සිනමාකරුවන් වැඩි සංඛ්‍යාවකින් සමන්විත වේ.
ජනවාරි 20 සවස 04ට ආරම්භ කෙරුණ උලෙළේ ආසියානු අංශය නියෝජනය, කාන්තා සිනමාවේදීන්ගේ අංශය, ලෝක සිනමාව, කෙටි සහ නිදහස් චිත්‍රපට අංශය, ළමා සිනමාඅංශය, ආත්මීය අංශය යනාදී වශයෙන් චිත්‍රපට ප්‍රදර්ශනය කිරීම මෙන්ම චිත්‍රපට ගැන අධ්‍යාපනය දෙන සාකච්ඡා ගණනාවක් පැවැත්විණි.
මෙවර උලෙළේ ජූරිය ගැන විශේෂ අවධානයක් ලැබී තිබුණ කාරණයක් ලෙස ඉන්දීය පද්ම භූෂණ සම්මානලාභී ජ්‍යෙෂ්ඨ, චරිතාංග නිළියක වූ ෂර්මිලා තාගෝර්ගේ සහභාගීත්වයට ඉහළ අවධානයක් ලැබිණි. ඒ ඇය බෙංගාලි සහ හින්දි චිත්රප්ටවල රඟපෑ, එක් යුගයක බෙංගාලි රසිකයින් අතරද ආදරය සහ ගෞරවය දිනාගත් ප්‍රමුඛතම චරිතයක් වීම හේතුවෙනි. ඒ බව සිනමා උලෙළ ගැන පැවසීමේදී බොහෝ මාධ්‍ය ෂර්මිලා තාගෝර්ට ලබා දුන් ප්‍රමුඛතාවෙන් වටහාගත හැකිය.
ඉන්දියාව නියෝජනය කළ ජූරි සභික ෂර්මිලා තාගෝර් යනු වයස අවුරුදු 13දී සත්‍යජිත් රායිගේ කීර්තිමත් අපූගේ ලෝකයේ තෙවැනි කොටසේ රඟපෑමෙන් 1959දී සිනමාවට එක් වූ නිළියකි. අනතුරුව රායිගේ චිත්‍රපට ගණනාවක රඟපාමින් ජාත්‍යන්තර කීර්තිය ලද ඉන්දීය තාරකාවක් බවට ඇය පත් වූවාය. එවකට බොම්බේ ප්රමුඛ කරගත් බොලිවුඩ් සිනමාවේ ප්රමුඛ නිළියක වූ ෂර්මිලා තාගෝර් ප්‍රධාන ධාරාවේ ජනප්‍රිය චිත්‍රපටවලින්ද සාර්ථකත්වය ලැබූ නිළියකි. ඉන්දියාවේ ඉහළම පිළිගැනීමක් ඇති අධ්යක්ෂවරුන් සහ නළුවන් සමඟ වැඩ කර ඇති නිළිය ඉන්දියානු රජය විසින් එරට කලාව සහ සංස්කෘතියට ඇය දුන් දායකත්වය වෙනුවෙන් ඉන්දියාවේ ඉහළම සිවිල් සම්මානවලින් තුන්වැන්න වන පද්මභූෂණ සම්මානයෙන්ද 2013දී පිදුම් ලැබූ නිළියකි.
ජූරියේ සාමාජික ඇනා ෂලාෂිනා යනු 2011දී ලොමොනොසොව් මොස්කව් ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ වාග් විද්‍යා අංශයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ලබා වසර තුනකට පසු ලන්ඩන් කිංග්ස්ටන් විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රවේදී උපාධිය සැපිරූ සිනමාකාරිනියකි. චිත්‍රපට සම-නිෂ්පාදනය පිළිබඳ ඇගේ නිබන්ධනය 2014 වසරේ හොඳම ශාස්ත්‍රපති ව්‍යාපෘතිය හැටියටද නම් කර තිබේ. ඉහළ පෙළේ රුසියානු චිත්‍රපට චිත්රාගාරවල වසර 8ක් සේවය කළ ඇනා 2016දී ඇය විසින් WISH මීඩියා ආරම්භ කරනු ලැබූ අතර රුසියානු කාන්තා නිෂ්පාදකයින්ගේ සංගමය ආරම්භ කළ තැනැත්තියද වන්නීය.
සාමියා සමාන් බංග්ලාදේශයේ ප්රමුඛ පුවත් නාලිකාවක් වන ඒක්කට්ටෝර් ටෙලිවිශන්හි ප්‍රධාන විධායක නිලධාරිනිය මෙන්ම චිත්‍රපට නිෂ්පාදකවරියක්, අධ්‍යක්ෂකවරියක් හටියට සාර්ථක වූ අයෙකු වේ. ඇයගේ නවතම නිෂ්පාදනය වන Song of the Soul ලෝකයේ චිත්‍රපට උළෙලවල ප්‍රදර්ශනය කළ චිත්‍රපටයකි. ලොව පුරා සිටින බංග්ලාදේශයේ සහ දකුණු ආසියාවේ චිත්‍රපට නිෂ්පාදකයින්, චිත්‍රපට ප්‍රජාව සමඟ සම්බන්ධ කරන වේදිකාවක් වන සාමියා තම බංග්ලාදේශයේ ජාත්‍යන්තර සිනමා ආයතනය ඔස්සේ චිත්‍රපට නිෂ්පාදකයින්ට සහාය ලබා දෙන්නීය.
චීනය නියෝජනය කරන ආචාර්ය ෂි චුආන් ෂැංහයි සිනමා සංගමයේ නියෝජ්‍ය සභාපතිවරයා වේ. කීර්තිමත් විද්වතෙක් සහ චිත්‍රපට නිෂ්පාදකවරයෙකි. ෂැංහයි රඟහල ඇකඩමියේ සහ මැකාවු විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකි. තවද, ඔහු ෂැංහයි චිත්‍රපට කෞතුකාගාරයේ භාරකරුවෙකු ලෙසද කටයුතු කරයි. සම්භාව්‍ය චිත්‍රපට සංරක්ෂණය සහ ප්‍රතිසංස්කරණය සඳහා මෑතක සිට කැපවීමෙන් කටයුතු කරන විද්වතෙකි.
තායිලන්තය නියෝජනය කරන ජූරි සභික ටොම් වොලර් යනු බැංකොක්හි උපත ලැබූ, එක්සත් රාජධානියේ උතුරු චිත්‍රපට පාසලේ අධ්‍යාපනය ලැබූ අයෙකි. 2003 සිට තායිලන්තයේ ඔහුගේම නිෂ්පාදන සමාගමක් ආරම්භ කළ අතර එය වර්තමානයේ තායිලන්තයේ ප්‍රමුඛතම නිෂ්පාදන සමාගමකි.
මීට අමතරව ආධ්‍යාත්මික චිත්‍රපට අංශය සඳහා වන අන්තර් ආගමික ජූරි සභාවේ සාමාජිකයින් ලෙස ඉතාලියේ ඇන්ඩ්‍රියා මෝර්ගන්, ඉරානයේ ෆටේමේ ජවහෙර්සාස්, බංග්ලාදේශයේ ජෝතිකා ජෝති, ජපානයේ නොරිකෝ යුවාසා, ඊජිප්තුවේ මර්වට් ඕමාර් සහාභාගි වූහ.
කාන්තා චිත්‍රපට නිෂ්පාදක අංශයේ ශ්‍රී ලංකාවේ අනුරාධා කෝදාගොඩ, පෘතුගාලයේ ෆිලිපා කාඩෝසෝ, රුසියා- ඇමරිකා කැතරිනා කර්මෝවා, ඉතාලියේ ලෝරා ෆ්‍රැන්චෙස්කා අයිමෝන්, බංග්ලාදේශයේ ෂෝමි කයිසර් සහභාගි වූහ.
බංග්ලාදේශ චිත්‍රපට අංශය වෙනුවෙන් මොෆිදුල් හොක්, දකුණු කොරියාවේ සියොක් යොන් චෑන්, පිලිපීනයේ ජේසන් ටැන් ලිවාග්
සාමාජිකත්වය දැරූහ.
ශිවන්ති ප්‍රනාන්දු