ජනප්රිය නිළි ශලනි තාරකා මේ වසරේ මුල එළිදැක්වුණ රැෆෙලා ප්රනාන්දුගේ කලා ලොවේ තාරකාවන් යොදාගෙන කළ කැලැන්ඩරය එළිදැක්වීමේ අවස්ථාවට සහභාගි වී තිබිණි.
එහිදී ඇය විලාසිතා ගැන පවසා තිබුණ අදහස මෙසේය.
"ෆැෂන් කියන්නෙ එක එක්කෙනාගෙ කැමැත්ත. සමහර ගෑනු ළමයි ඉන්නවා ෆැෂන් කරන්න කැමතියි, නමුත් එයාගෙ හස්බන්ඩ් හරි බෝයිෆ්රෙන්ඩ් හරි කැමති නැති නිසා එයාට කැමති විදියට තමයි ගොඩක් අය ෆැෂන් කරන්නෙ. හැබැයි මට එහෙම නෑ මගෙ හස්බන්ඩ්ගෙන්. යාළුවෙලා හිටපු කාලෙත් නෑ. බැන්දට පස්සෙත් නෑ. එයා හැම වෙලාවෙම කියන්නෙ ලස්සනට අඳින්න කියලා." යනුවෙන් සඳහන් කර තිබුණි.