ශ්‍රී ලංකාවේ සංස්කෘතික විවිධත්වය කී පමණින් බොහෝ දෙනෙක්ට හිතට එන්නේ ආගමික සහ ජාතික විවිධත්වයට අදාළ සංස්කෘතික වෙනස්කම්. එහෙම වුණත් ලංකාවේ කලා අංග අරගෙන බැලුවම එහි තියෙන සංස්කෘතික විවිධත්වයේ පොහොසත්කම නම් කියා නිම කරන්න බැරි එකක්. මේ පොහොසත්කම තවදුරටත් රැකගෙන යමින් අමාරු කර්තව්‍යයක් කරන ටවර් හෝල් පදනම සංස්කෘතික විවිධත්වයේ වේදිකාමය අත්දැකීම් ජනතාවට ලබා දෙන්න විශාල උත්සාහයක් දරන පදනමක්. ඔවුන් ඒ දර උත්සාහය මේ වසරේත් අත්හැරලා නෑ.
ඒ සඳහා ටවර් හෝල් රඟහල පදනම හැම අවුරුද්දකම ඉදිරිපත් කරන 'අපේක්ෂාවේ වේදිකා මංගල්‍යය ටවර් නාට්‍ය උළෙල පෙබරවාරි 10 සිට 21 දක්වා පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
කලා ආකෘති ඉදිරිපත් කිරීමේ සම්ප්රදායේ භාරකරුවකු හැටියට සෑම වසරකම පවත්වන මේ නාට්‍ය උලෙළ ආරම්භක දින සිට අවසන් දිනය දක්වා පස්වරු 3.30 සහ පස්වරු 6.30 වේලාවල ටවර් හා එල්ෆින්ස්ටන් රංග ශාලාවලදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
වේදිකාවට ආදරය කරන, වේදිකා නාට්‍යයක් කෙදිනකවත් නරඹා නැති ඕනෑම අයකුට මෙම නාට්‍ය උලෙළට සහභාගි වෙන්නට අවස්ථාව ටවර් රඟහල පදනම ඉඩ හදා දී තිබෙනවා.
දේශීය සාම්ප්‍රදායික රංග කලාව පෝෂණය කිරීමට අතීත යුගයේ සේවය කළ කලාකරුවන්ගේ සහ ඔවුන්ගෙන් යැපෙන්නන්ගේ සුභසාධනය සහ යහපැවැත්ම ගැන සැලකිලිමත් වීමට පිහිටුවූ ආයාතනයක් තමයි ටවර් හෝල් රඟහල පදනම කියන්නේ.
තවමත් සාම්ප්‍රදායික න්‍යායාත්මක කලා ආකෘතීන් පිළිබඳව පුරවැසියාගේ දැනුවත්භාවය ඉහළ නැංවීමට ඔව්න් ගන්නා මේ පියවර ඉතාම අගය කළ යුතු එකක් වෙනවා. යහපත් විනෝදාස්වාදයක් ලබා දීමෙන් පුරවැසියන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට එයින් දෙන දායකත්වය සැබවින්ම අගය කළ යුතුයි.
ජාතික නාට්‍ය කලාව දිරිමත් කිරීමට ප්‍රවර්ධනය කිරීමට මෙයින් ලැබෙන පිටිවහල ඉතා ඉමහත්. ඉතින්, නාට්‍ය උලෙළේදී වේදිකාගත වන නාට්‍ය බැලීමට හැකි නම් ඔබත් සහභාගි වෙන්න.
පෙබරවාරි 10 වැනිදා රිචඩ් මානමුදලිගේ ආයෙත් ඇවිත්
සුජීව සෙනෙවිරත්නගේ පඹයා ගියා ඉස්කෝලේ
පෙබරවාරි 11 පරාක්‍රම නිරිඇල්ලගේ සෙක්කුව, පැතුම් දනන්සූරියගේ රුචිරා දේවි
පෙබරවාරි 12 නාලක ස්වර්ණතිලකගේ ඩ්‍රීමර්ස්, සාගර විජේසිංහගේ තරණ සීගිරි ඔපෙරාව
පෙබරවාරි 13 ජගත් මුතුකුමාරණගේ බරවකුඹුකේ සියදෝරිස්, මොහොමඩ් රජීගේ කවිකාරයා
පෙබරවාරි 14 නදුනි ධනංජනාගේ රතුපාට මල්, කසුන් මධුෂංකගේ මං ටොම් හිල්ෆිගර්, භාස්කර ක්රිශාන්තගේ පංචාලි, ජනක් ප්‍රේමලාල්ගේ ආඬි හතයි කැඳ හැලියයි
පෙබරවාරි 15, ඩී. කුමාරගේ මාශා සහ වලහා, උදයසිරි වික්‍රමරත්නගේ හරිම බඩු තුනක්
පෙබරවාරි 16 පාලිත ලොකුපෝතාගමගේ අමර ගියා දිවිය ලෝකේ, සුරේෂ් මධුශාන්ගේ සක්වල රිය
පෙබරවාරි 17 චාලක රණසූරියගේ සඳුදා වැටෙන්නේ සිකුරාදට, දුලාන් වීරසිංහගේ රැඩිකල් ප්‍රේමය
පෙබරවාරි 18 සුරේෂ් මධුෂාන්ගේ එම් ආර් ගජනායක, දමිත් ගේශාන්ගේ ගමනක් යං
දිල්ෂාන් තිලංකගේ ටික් ටික්, සරත්චන්ද්‍ර වල්පොළ සහ ආරියවංශ ධම්මගේ මගේ අරමුණ ඇයව බේරා ගැනීම, චතුරංග පෙරේරාගේ සර්කස්
පෙබරවාරි 19 පැතුම් සඳනුවන්ගේ පැනල යං, හසින්ත මධුමාල් - ඒක ඉස්සර කතාවක්, පූර්ණජිත් අනුරාධගේ තුං තුඹ මල්, රත්නශිලා පෙරේරාගේ ශ්‍රී වික්‍රම නූර්තිය
පෙබරවාරී 20 තිළිණි ජයමාලිගේ විජය භූමි, රවිදු වික්‍රමසේකරගේ වේකන්සියක් ඇත, ගයාන් සඳකැලුම්ගේ කරුවල රැඟුමන්, සමන් නන්දගේ මං ගේට්ටුව වහනවා, හිරාන් සෙනෙවිරත්නගේ සපත්තු මල්,
සුමුදු තෙන්නිආරච්චිගේ සුහුරුකිස, සුවින් සූරියආරච්චිගේ ඉස්සා, ජිනිදු පද්ම ශ්‍රී බණ්ඩාරගේ - කොම්රෙඩ්, රශ්මික දිල්හාරගේ ඩුබායි
පෙබරවාරි 21 සමන් ලියනආරච්චිගේ ශ්‍රී වික්‍රම නූර්තිය, සිතාර කැලුම්ගේ වීරකෝන් නිව් ජෙනරේශන්, කේ.ජී. දිලානි රේණුකාගේ වීදියේ කතාවක්, ගයාන් ඕවිටිගේගේ කොක් කොක් කොක් කොකෑන්, පංචලී විහංගාගේ විචස්, දේදුණු කළුපහනගේගේ බයිලා ගහන දවසක්, සංජීව ගුණරත්නගේගේ ස්නයිපර්
මිරර ආට්ස් යූටියුබ් නාලිකාව වෙනුවෙන් කරන ලද විශේෂංගයකිනි.
ඉදිරිපත් කිරීම : මාෂි සේනානායක