රැෆෙලා ප්රනාන්දු අලුත් ඇසකින් ඡායාරූපකරණයේ යෙදෙන්නිය මේ වසරේ ඇය නිකුත් කළ දින දර්ශනයේ පසුගිය වසරේ අභාවප්රාප්ත වූ ප්රවීණ රංගධර ජැක්සන් ඇන්තනීගේ AI තාක්ෂණය ඔස්සේ සකස් කරන ලද ඡායාරූපයක් නිකුත් කර තිබිණි.
කැලැන්ඩරය එළිදැක්වූ අවස්ථාවට සහභාගි වෙමින් ජැක්සන්ගේ බිරිඳ කුමාරි මුණසිංහ ජැක්සන්ගේ රුව රැගත් ඡායාරූපය විවෘත කළ අතර එය එම අවස්ථාවට සහභාගි වූ බොහෝ දෙනෙකු සංවේදී කළ අවස්ථාවකි.
සැබැවින්ම එය ජැක්සන් ජීවමානව පෙනී සිටි ඡායාරූපයක් මෙන් දිස් වන අතර් මෙම රූපයේ වටිනාකම දැනෙනා ආකාරය ජැක්සන්ගේ දෙටු පුත් අඛිල ධනුද්ධරද පෙන්වා දී තිබිණි.