ඉන්දියාවේ ප්‍රසිද්ධ නිළියක වන, 'ලොක් අප්' කතා මාලාවේ රඟපෑ පූනම් පාණ්ඩේ සිය කාන්පූර් නවාතැනේදී ජීවිතයෙන් සමුගත් බව ටයිම්ස් ඔෆ් ඉන්දියා, ඉන්ඩියා ටුඩේ, හින්දුස්ථාන් ටයිම්ස් මාධ්‍ය වාර්තා කරයි.
පූනම් ඊයේ (01) රාත්‍රියේ මිය ගිය බව ඇගේ කළමනාකාරිනිය වන පාරුල් චවුලා තහවුරු කර තිබේ.
ඉන්දියාවේ සරාගී රැඟුම්, වීඩියෝ දර්ශන සඳහා බොලිවුඩයේ ප්‍රසිද්ධ වූ නිළියක වූ පූනම් සිය සමාජ මාධ්‍ය ජාලවලින් යෝගා පුහුණුවීම් යනාදියද ප්‍රවර්ධනය කරමින් ඉන්දියානු ප්‍රජාව අතර ප්‍රසිද්ධියක් ඉසිලුවාය.
කෙසේ නමුදු, ඇගේ මරණය සිදු වූයේ ගැබ් ගෙල පිළිකාවක් හේතුවෙන් බව වාර්තා කර වේ.
සාමාන්‍යයෙන් තමන් මිය ගිය බව ප්‍රචාරය කිරීම තමන්ගේ ප්‍රසිද්ධිය, අවධානය ලබාගැනීමේ ක්‍රම හැටියට බොහෝ පාර්ශව පෙන්වා දී තිබුණද පූනම් මිය ගිය බව මේ වන විට තහවුරු කර තිබේ.
පූනම් මිය යාමට දින 04කට පෙර ගෝවාහි සාදයකටද සහභාගි වූ බවත් ගැබ්ගෙල පිළිකාව පූනම් මෙන්ම කාන්තාවන් ගොදුරු කරගන්නා නිහඬ මිනීමරුවකු ලෙසත් 'ටයිම්ස් ඔෆ් ඉන්ඩියා' හඳුන්වා දී තිබේ.
නශා, ද ජොර්නි ඔෆ් කර්ම, ආගයා හීරෝ මෙන්ම කත්රෝන් කි කිලාඩී වැඩසටහන් හේතුවෙන්ද ඇය ප්‍රසිද්ධියට පත්ව තිබිණි.
පූනම් මිය යන විට 32 වන වියේ පසු වූවාය.