ගිය අවුරුද්දේ සහ මේ අවුරුද්දේ මුල මේ ගෲප් එකටම සලාර් ෆිල්ම් එක ගැන වැටුණු රිවීව්ස් ගොඩක එක පොදු වාක්‍යය ඛණ්ඩයක් තිබ්බා.
'වසරේ දැවැන්තම සිනමා අත්දැකීම!'
මොකක්ද මේ දැවැන්ත කියන්නෙ? මේ කියන්නෙ හොඳම කියන එක නෙවෙයි, මේ කියන්නෙ ජනප්‍රියම කියන එක නෙවෙයි, මේ කියන්නෙ වැඩිම ආදායම් ලත් කියන එක නෙවෙයි. මේ ඇවිත් හොඳ නරක, ආදායම්, ජනප්‍රියතාවය ඉක්මවා ගියපු, වෙනම එක්ස්පීරියන්ස් එකක් ගැන. මැජික් එකක් ගැන.
ඉස්සර 70-80-90 දශක වල රූපවාහිනිය ලොකුවටම නැගීගෙන ආපු කාලේ, මිනිස්සු සිනමාවෙන් ඈත් වීගෙන යද්දි, එක් එක් රටවල් වල ඒ ඒ ඉන්ඩස්ට්‍රි වල අලුත් කොල්ලො කෙල්ලො සෙට් එක බැට්න් එක අතට අරං වෙනස්ම ජාතියක ෆිල්ම්ස් ටිකක් කරන්න ගන්නවා. මැද්දෙ ආපු ඩ්‍රාමා පීරියඩ් කලින් කාලෙක, ගෝල්ඩන් ඒජ් එකේ ආපු ලොකු ෆිල්ම්ස් වලින් ඉන්ස්පයර් උනු මේ සෙට් එක, ඒ වගේම ලොකු ෆිල්ම්ස් කරන්න ගන්නවා. මේවා හෙන හොඳ, මාරම ගුණාත්මක, ඔස්කාර් ෆිල්ම්ස් නෙවෙයි. ඒ කාලෙ නං මේවට කිව්වේ Popcorn flicks කියලා. මේවා ඕඩියන්ස් එක වෙනුවෙන් හදපු ලොකු ෆිල්ම්ස්. සෙට් පිටින් ගිහින් බලලා, ආතල් එකක් ගන්න පුළුවන්, හැබැයි කම්මැලි නැතුව, සිනමා රීති හරියට අනුගමනය කරන ගමන්, අලුත් රීති හදන ගමන්, හොඳ ෆිල්ම් මේකින් එකකින් කරපු ෆිල්ම්ස් මේවා.
ඔය Star Wars, Jaws, ET, Jurassic Park, Indiana Jones කියන්නෙ එහෙම ඒවා. ඉන්දියාව පැත්තෙන් ගත්තොන් DDLJ, KKHH වගේ ෆිල්ම්ස් ගන්න පුළුවන්. පස්සෙ පස්සේ මේ ලොකු ෆිල්ම්ස් තව තව කොලිටි වෙලා LoTR, Gladiator වගේ ෆිල්ම්ස් පවා එළියට ආවා. මේවා ඔස්කාර් පවා දිනපු දැවැන්ත චිත්‍රපටි.
ඕනම සිනමා කර්මාන්තයක පැවැත්මට මේ දැවැන්ත චිත්‍රපටි ඕනෙමයි. ඉන්ඩස්ට්‍රි වැඩ කරන්නෙ එහෙමයි.
හැබැයි මෙච්චර කාලයක් ලෝකෙ දැවැන්තම චිත්‍රපටි හදපු හොලිවුඩ් හො ඇමෙරිකාව තියෙද්දි, 2023 දැවැන්තම චිත්‍රපටිය විදියට මිනිස්සු හඳුන්වන්න ගත්තේ මේ ඉන්දියාවෙත් දකුණෙ හදපු සලාර්. මොකක්ද මේ වෙනස? මාත් ඊටපස්සෙ කල්පනා කරලා බැලුවා ඇත්තටම 2023 හොලිවුඩ් වලින් ලොකු ෆිල්ම් එකක් ආවෙම නැද්ද කියලා.
2023 දි නෙවෙයි, 2019 එන්ඩ්ගේම් වලට පස්සේ හොලිවුඩ් වලින් ආපු ලොකු ෆිල්ම් එකක් ගැන හිතාගන්නවත් මට බැරි උනා. එක්කෝ එන්ඩ්ගේම් ලොකු වැඩි උනා. නැත්තං මුලු හොලිවුඩයම ඉවෙන්ට්ස් ෆිල්ම් කියන එක මාවල්ලට දීලා අත පිහිදගෙන ඉද්දි, මාවල් එක්ද්ත් ෆේල් උනා. බජට් ලොකුවට දාලා කොච්චර ෆිල්ම්ස් ආවත්, CGI Green Screen ජාලා ඇර, Proper Big Cinema experience එකක් පහුගිය අවුරුදු කිහිපයේදිම හොලිවුඩ් වලින් ආවේ නෑ. Batman, Tenet පොඩි exceptions විදියට ගන්න පුළුවන්. එච්චරයි.
හැබැයි අනික් අතට දැන් ඉන්දියාවේ උන් හදන්න ට්‍රයි කරන්නෙම ලොකු චිත්‍රපටි. සමහර ඒවා හෙන අවුල් විදියට ෆේල් වෙනවා. සමහර ඒවා බලං ඉන්නවත් බෑ. හැබැයි උන් දිගටම හදනවා. ඉඳලා හිටලා Salaar, RRR, KGF2 වගේ ඒවා පත්තු වෙනවා.
මොකක්ද මේ වෙනස? සහ ඉස්සර ඔස්කාර් පවා දින්නේ මේකින් එක හොඳ ෆිල්ම්ස්. දැන් දිනන බහුතරයක් indie propaganda ෆිල්ම්ස්. ගොඩක් ෆිල්ම්ස් මිනිස්සු අහන්නෙත් ඔස්කාර් නොමිනේට් උනාම. මගෙ අදහසට අනුව ළඟකදි deserving proper win එකක් ගියේ Parasyte විතරයි, ඒකත් කොරියන්.
මොකක්ද හොලිවුඩ් වලට වෙලා තියෙන්නෙ? කතා ලියාගන්න බැරිද, අලුත් කතා නැද්ද? ඒකද රීමේක් හෝ cbm ම කරන්නෙ? Green Screen නැතුව ෆිල්ම්ස් හදන්න බැරි ගාණට උන් කම්මැලි නිසාද? නැත්තං creativity අඩු කම තාක්ෂණයෙන් වහගන්න යනවද?
කොහොම හරි අන්තිමට කියන්න තියෙන්නෙ හොලිවුඩ් ඉක්මණින්ම තමන්ගෙ සෙල්ලම හරියට අල්ලගත්තෙ නැත්ත ඉක්මණින්ම චීන, කොරියන්, ඉන්දියන් ෆිල්ම්ස් ටික ඒ මාකට් උස්සන කාලය වැඩි ඈතක නෙවෙයි කියන එක තමා.