සිය ජීවිත කාලය තුළ අඩසියවසක් නාට්‍ය හා වේදිකා නාට්‍ය අලෝකකරණය වෙනුවෙන් කැප කළ සරල නාමයෙන් නාට්‍ය ක්ෂේත්රයේ 'ලයිට් ගාමිණී' නමින් හඳුන්වන ගාමිණී හේමචන්ද්‍ර ඇගයුම් වැඩසටහන පසුගිය ජනවාරි 18 වැනිදා උත්කර්ෂයෙන් පැවැත්විණි.
'ලයිට් ගාමිණී' ආලෝකාලංකාරය මෙය පැවැත්විණි.
ආලෝකකරණයේ නියැලෙමින් නාට්‍ය ගණනාවක් ආලෝකවත් කිරීමට කටයුතු කළ මේ ප්‍රවීණයාගේ කාර්යය ඇගයීමේ මතකාවර්ජන සැඳෑවක් පැවැත්වීමට කටයුතු යොදා තිබුණේ මරදාන, ටවර් රඟහලේදීය.
ජාතික රූපවාහිනියේ විකාශය වූ ලා හිරු දහසක් නාට්‍යයේ සිට රතු හැට්ටකාරි, විකෘති, රාමායණය, සිරිසඟබෝ, හිට්ලර්, ශ්‍රී වික්‍රම, සාරංගා නැවෙන් ඇවිත් වැනි නාට්‍ය ආලෝක කරමින් මේ දක්වා සිය කාර්යයේ නියැලෙන ගාමිණී හේමචන්ද්‍රගේ වෘත්තීය දිවියට මේ වන විට අඩසියවසක් සපිරේ.
ඡායා : ප්‍රසාද් නිල්මිණි බොතේජු