අංජලී හේරත් දෙරණ ඩ්‍රීම් ස්ටාර් 11 අදියරේ ජයග්‍රාහිකාවයි. ඩ්‍රීම් ස්ටාර් තරඟාවලිය පුරාවේ අංජලී ගායනා කළ ගීත විකල්ප ධාරාවේ අදහස් මවන ගීත වූ අතර 76 වැනි නිදහස් දිනය වෙනුවෙන් අංජලී ගායනා කළ ගීතය 'පරණ තැටිය' මේ දිනවල කතාබහට ලක් වේ.
අංජලීගේ තෝරාගැනීම අගය කරන අය මෙන්ම මෙම ගීතය බෙහෙවින් විවේචනයට ලක් කරණ අය මේ වන විට දක්නට ලැබේ.
අංජලී - එම්.ජී. ධනුෂ්කට පසුව වැඩිම මනාප ලබාගෙන ඩ්‍රීම් ස්ටාර් තරඟාවලිය ජයගත් තරඟකාරිය වන්නීය.
කෙසේවුවත් අංජලීගේ ගීතයට උරණ වූ සමහරු ඇයට බෙහෙවින් අපහාසාත්මකව බැණ වදිනු දකින්නට ලැබීම නම් කනගාටු විය යුතු රසිකත්වයක් අපට ඇති බව නම් පැහැදිලි කරයි.
අපි උපන්න රට විකිණෙනකොට අත යට මිලකට
සිංහයෙක් කඩුව අතකින් ගෙන කොඩියට කුමකට
හැත්තෑ පස් වසරක් අපි රැවටුණු තරමට
කන්නටම ඕනෙ හරි නම් පස් කන බත් වෙනුවට