සංජේ ලීලා බන්සාලිගේ බෙහෙවින් බලාපොරොත්තු තබා ඇති මීළඟ කතා මාලාව වන 'හීරාමණ්ඩි' ළඟදීම නිකුත් වීමට නියමිත වන අතර එහි පළමු පෝස්ටරයද මේ වන විට නිකුත් කර තිබේ.
'දියමන්ති වීදිය' යන අර්ථය සහිත හීරාමණ්ඩිහි මනීෂා කොයිරාල, සෝනක්ෂි සිංහා, අදිති රාඕ හයිදාරි, රිචා චාඩා ඇතුළු නිළියන් පිරිසක් ප්රධාන චරිත නිරූපණය කරති.
යුග කිහිපයක් නියෝජනය කරන ජනප්රිය හින්දි සිනමා තරු ගණනාවක් සහභාගි වන කතාමාලාව නිකුත් කරන දිනය තවම දැනුම් දී නැත. එසේ නමුත්, එය මේ වසරේ මැද වීමට ප්රථම අන්තර්ජාල තිරගත වීම් ඇරඹීමට නියමිත බව ඉන්දීය පුවත් වාර්තා කියයි.